Watapita

Just another WordPress site

මට ඕන මගේ දරුවට හොඳම හොඳ අම්මා කෙනක් වෙන්න, මට දැන් ඉස්සර වගේ ආදරය දැනෙන්නේ නැහැ-හසිනි සැමුවෙල්

හසිනි සැමුවෙල් කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්. ඉතින් දැන් විවාහයෙන් වෙන් වෙලා පුංචි පුතෙකුගේ ආදරණීය මවක් විදිහට තනිකඩ ජිවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් දැන් ඇය ඇයගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන හොඳින් ජීවිතේ ගත කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ අවුරුද්දෙත් ඇයගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ ඇයගේ ව්‍යපාරික වැඩකටයුතු සාර්ථක කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියනවා. තව ඇයගේ ජීවිතේ අරමුණු බලාපොරොත්තු තියෙන නිසා ඒවාත් එකිනෙක සාර්ථක කර ගන්න එක තමයිලු ඇයගෙ එකම අරමුණ.

ඒ වගේම මේ වෙද්දී ගොඩක් අය රට හැර යනවා වුනත් අපි හැමෝම අපේ රට අතහැරලා ගියොත් මේ රට දියුණු කරන්නේ සහ අපේ රට ආදරෙන් රැක බලාගන්න ඉතුරු වෙන්නේ කවුද කියන ප්‍රශ්නය තියෙන නිසා ඇයගේ හිතේ කිසිවිටෙකත් අදහසක් නැහැලු වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියලා. මොකද ඇය අපේ රටට ගොඩක් ආදරය කරන නිසා. ඉතින් තමන්ට පුළුවන් නම් තමන්ගේ රටේ ඉඳලා ජීවිතේ සාර්ථක කර ගන්න, අන්න එතන සාර්ථකත්වය කියන එක රැඳිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඇය පුතා එක්ක ගෙවන කාලය ගොඩක්ම සතුටින් ගත කරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් පුතා හරිම හුරතල් සහ ගොඩක් දඟ නිසා ඇයට වෙලාව යනවා දැනෙන්නෙවත් නැහැ කියලත් හසිනි කියනවා. ඒ වගේම තනිවීම ගැන දුකක් නැත්තේ නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා.

හැබැයි ඇයට දැන් ආදරේ කියන දේ හිතට දැනෙන්නේ නැත්තෙත් නැහැලු. ඉතින් පෞද්ගලිකව ඇයට දැන් ආදරේ කියන දේ දැනෙන්නේ සහ ලැබෙන්නේ ඇයගේ මවුපියන්ගෙන්, දරුවාගෙන් සහ ඇයට හිතවත් යාළුවන්ගෙන් කියලයි ඇය කියන්නේ. එතැනින් එහාට ආදරේ කියන දේ ඇය අත්වින්දේ මීට අවුරුදු ගාණකට කලින් කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඇය කාලයක් තිස්සේ සිංගල් නිසා ඉදිරියේදී ආදරයක් දැනෙයි ද කියන්න ඇය දන්නේ නැහැ කියලයි හසිනි නම් කියන්නේ.

ඒ වගේම ඇයට දැන් ඕනේ ඇයගේ පුතාට හොඳම හොඳ අම්මා කෙනෙක් වෙන්නලු. ඉතින් දැන් ඇයගේ ජීවිතේ සාර්ථක කරගෙන ඇයගේ අරමුණු ඉලක්ක වෙත යන එක තමයිලු ඇයගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම කලා ක්ෂේත්‍රය පැත්තෙනුත් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *