Watapita

Just another WordPress site

මම කළා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 18ක් වෙනවා, නමුත් මගේ හැකියාවෙන් තවම හරියට ප්‍රයෝජන අරගෙන නැහැ-හිමාලි සයුරංගි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ දිනවල දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා වගේම දිවිතුරා ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒත් එක්කම සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යෑමේ සිහිනය උදෙසා CEYIFF හා අත්වැල් බැඳ ගනිමින් CINE STAR පදනම විසින් පවත්වනු ලැබූ 2022 CEYIFF සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේද ඇයයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගෙන් සිනමාවට මෙතෙක් ලැබුණු දායකත්වය අඩු වුණත් ඒ ලැබුණ හැම අවස්ථාවෙන්ම ඇයට හොඳ චරිතයක් ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පසුගියදා පැවති CEYIFF සම්මාන උලෙළේදී සුනාමි චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුන නිසා ඒ සම්මාන උලෙළ සිංහල සිනමාව හා ජාත්‍යන්තර සිනමාව අතර පිවිසුමක් නිසා ඒ ගැන ගොඩක් සතුටුයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය දැන් කළා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක් විතර වෙනවාලු. නමුත් මේ වන තුරු ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට ප්‍රමාණය හරිම සීමිතයි කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයට ලැබුණු හැම අවස්ථාවකදිම ඇය සාර්ථක වුණා කියලා ඇයට විශ්වාසයි කියලත් හිමාලි කියනවා. ඒ වගේම ඇයට මීට වඩා අවස්ථා ලැබෙනවා නම් මීට වඩා යමක් කරන්න පුළුවන් කියලා හිතනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ හැකියාවෙන් සිනමාව තාමත් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ජාතික රූපවාහිනියේ සහ ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදිහට තමයි මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ නාලන් මෙන්ඩිස් මහත්මයා ඉන්ටර්විව් එකකදි ඇයව දැකලා ඔහුගේ ‘මම නොවේ මම‘ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ඇයට ආරාධනා කරළා තියෙනවා. ඉතින් ඒ ආව ගමන තමයි හිමාලි සයුරංගි කියන නිවේදිකාව පරයා රංගන ශිල්පිනිය ඉදිරියට ආවේ. ඒ වගේම සිකුරු හතේ කියන්නේ ඇයගේ පළවෙනි සිනමා නිර්මාණය සඳහා හොඳම නැඟී එන නිළියට හිමි සරසවි සම්මානය පවා හිමි වුණා.

ඒත් එක්කම දර්ශන රුවන් දිසානායකගේ ගොවි තාත්තා සිනමා පටයේ රංගනය වෙනුවෙන් ඇයට අන්තර්ජාතික සිනමා උලෙළකදී හොඳම නිළියට හිමි සම්මානයත් ලැබුණා. ඉතින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් හොඳම නිළිය, හොඳම සහාය නිළිය, හොඳම නැඟී එන නිළිය වගේම ජූරියේ විශේෂ සම්මානත් ලැබිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය රංගනයෙන් දායක වෙන දෙවෙනි ඉනිම දීර්ඝ නාට්‍යයක් නිසා පටන් ගැන්මට වඩා පස්සෙ ඒක ස්වාභාවිකත්වයෙන් මිදිලා වෙනස්ම මඟකට යොමු වුණා කියලයි ඇය කියන්නේ. හැබැයි දැන්නම් ඒකෙ ෂූටින් ඉවරයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *