මට ආදරයක් තිබුනත් යම් යම් හේතු නිසා ඒක මගෙන් ගිලිහුණා, ඉතින් මන් දැන් හිත හදාගන්න ජිම් එකට ආදරය කරනවා-ඉමේෂාන් නෙල්ලිගහවත්ත
වෙළඳ දැන්වීම් හරහා මෙන්ම පුංචි තිරය හරහාද නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ඉමේෂන් නෙල්ලිගහවත්ත කියලා කියන්නේ. ඒ වගේම ඔහු මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලි ටෙලි නාට්‍ය හරහාද ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස් වල ඔහු එදිනෙදා රූගත කිරීම් වගේම ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන සැහැල්ලුවෙන්, සතුටින් කාලය ගත කරනවා කියලයි ඉමේෂාන් නම් කියන්නේ.

ඒ වගේම ඔහු මුලින්ම ක්ෂේත්‍රයට පිවිසියේ වීරවර්ණ චිත්‍රපටයෙන්. කොහොම නමුත් ඔහු දැන් ඔහුගේ සමහර ප්‍රශ්න අමතක කරන්න සෑහෙන්න ජිම් එකට නැඹුරු වෙලා ඉන්නවා කියලත් ඉමේශාන් කියනවා. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ ජිම් ගිහින් ඇඟ පුම්බාගත්තම නළුකම කරන්න බැහැ කියලාලු. ඉතින් ඇතැම් ප්‍රවීණයොත් ඇඟ මහත් කරන්න එපා කියලා ඔහුට ඔවදන් දෙනවා කියලයි ඉමේෂාන් කියන්නේ. ඒ වගේම ඔහු ජිම් එකට යන්නේ රංගන ශිල්පියෙක් විදිහට අත්‍යවශ්‍ය fitness ගොඩනගන්නලු. එයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ රංගන කාර්යයට අවශ්‍ය ශක්තිය ගොඩනඟා ගැනීම මිසක් bodybuilding කරන්නේ නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම නළුවෙකුට fitness training තිබීම අත්‍යවශ්‍යයි කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු පෝෂණය වුණේ කලාවෙන් වගේම ඔහු ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කළෙත් කලාවෙන් ලැබුණු ආදායමෙන් කියලත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ පැවැත්ම ඔහු ගොඩනඟා ගත්තොත් කලාව තුළින් නිසා නැඟී සිටින්න අපහසු නැහැ කියලයි ඉමේෂාන් නම් කියන්නේ. ඒ වගේම ඔහු ගොඩක් වෙෙළඳ දැන්වීම්වල පෙනී සිටින නිසා ඔහුගේ ප්‍රතිරූපය ඒ අනුව ගොඩඟාගෙන රංගනය ස්වයංව අධ්‍යයනය කරමින් ඉදිරියට ගියොත් ආර්ථිකය යහපත් කරගන්න අසීරු නැහැ කියලත් ඔහු කියනවා.

ඒ වගේම දවසක හොඳම නළුවා වෙන එකලු ඔහුගේ එකම අරමුණ. ඉතින් ඔහු ගිය වසරේ සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා සඳහා නිර්දේශිත නාම හය අතරට එක් වුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු දැන් පෙම්වතෙක් නෙවෙයි කියලත් ඉමේෂාන් කියනවා. නමුත් ඔහට ආදරයක් තිබුනත් යම් යම් හේතු නිසා එය ඔහුගෙන් ගිලිහුණා කියලයි ඔහු නම් කියන්නේ. ඒ නිසා ඔහු දැන් ආදරේ කරන්නේ ජිම් එකටලු. ඉතින් ඔහුගේ සිහින කිහිපයක්ම තියෙන නිසා ඒ අරමුණු සිහින සැබෑ කරගෙනම ආදරයක් ගැන හිතනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.