Watapita

Just another WordPress site

දැන් මට එන හැම ආදර යෝජනාවක්ම එන්නේ මගේ රූපෙට තියෙන ආදරේට මිසක් මට තියෙන ආදරේකට නෙවෙයි-ඉසංකා අබේසේකර

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනිගේ චරිතය හරහා අපේ රටේ කොයි කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඉසංකා අබේසේකර කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට දැන් හැමෝම වගේ කතා කරන්නේ සමන්දිනී කියලාලු. ඒ වගේම කියාදෙන්න් ආදරේ තරම් කියන්නේ ඇය රංගනයෙන් දායක වෙන තුන්වැනි නිර්මාණය කියලයි ඇය කියන්නේ. ඇය මුලින්ම සම්බන්ධ වුණේ ඉන්ටර්නැෂනල් 2 කියන නාට්‍යයට. ඊට පස්සේ බන්ධනා ටෙලි නාට්‍යයට ඇය රංගනයෙන් සම්බන්ධ වුණා. කොහොම නමුත් ඇයට සමන්දිනීගේ චරිතයට අවස්ථාව ලැබෙන්නේ චන්ද්‍රපාණි කියන ගීත නිර්මාණය නිසා කියලත් ඇය කියනවා.

ඒ වගේම කලාවට එන්න ඇයගේ තුන් හිතකවත් තිබුණේ නැහැ කියලයි ඉසංකා නම් කියන්නේ. මොකද ඇය ජීවත් වුණේ සාම්ප්‍රදායික පවුලක නිසා. ඉතින් රඟපාන්න ආසාව තිබුණත් යන්න අවසර ලැබෙන්නේ නැහැ කියලා ඇය පොඩි කාලේ ඉදන්ම දන්නවාලු. ඒ වගේම උසස් අධ්‍යාපනයෙන් පසුවත් ඇය රැකියාවක් කරනවාට තාත්තා කැමැති වුණේ නැහැ කියලත් ඇය කියනවා. ඒත් ඇය නිරූපනය වගේ දේවල් ඉගෙන ගෙන තියෙනවා.

කොහොම නමුත් 2017 වසරේදී ඇයගේ තාත්තා හදිසියේ නැතිවිමත් එක්ක ඇයගේ මුළු ජීවිතේම කඩා වැටුණා කියලත් ඇය කියනවා. ඊට පස්සේ ඇයගේ ගෙදර වගකීම ඇයගේ පිට වැටුන නිසාම ඇය ව්‍යාපාර පැත්තට යොමු වුණා කියලත් ඉසංකා කියනවා. ඒ වගේම ඇයගේ ජීවිතේ වෙනස් කළේ චන්ද්‍රපාණි රූප රචනය වුනත් ඇයට වාසනාව ගෙනාවේ කියාදෙන්න ආදරේ තරම් නිර්මාණයේ සමන්දිනීගේ චරිතය කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මේ කාලසීමාවේ ඇය ආදර යෝජනා පිළිගන්න කැමැති නැහැ කියලත් ඇය කියනවා. මොකද ඇයගේ ප්‍රථම ආදරය තාත්තාගේ වියෝවත එක්කම නිමා වුන නිසා. ඉතින් දැන් එන ආදර යෝජනා හැමදේම ඇයගේ රූපෙට එන ඒවා මිසක් ඉසංකාට ඇත්තටම ආදරයට එන යෝජනා නෙවෙයි කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඉසංකාට ආදරය කරන කෙනෙක් මුණගැසුණු ඒ අල්ල ගන්න අත ඇයගේ අවසාන ආදරය විය යුතුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *