ගොඩක් අය මට ප්‍රපෝසල් ගේන්නේ මම අහිංසකයි කියලා හිතාගෙන, නමුත් මමත් අනිත් කෙල්ලෝ වගේමයි-ඉෂානි විජේතුංග
අපේ රටේ කොයි කව්රුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග කියලා කියන්නේ. ඒ වගේම ඇය දැන් වසර ගණනාවක් තිස්සේ දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අරුණිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දෙෙවනි ඉනිම පටන් ගත්ත දවසෙ ඉඳන්ම අරුණිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා කියලයි ඉෂානි කියන්නේ. ඒ වගේම එදා ලැබුණ ප්‍රේක්ෂක ආදරේ එන්න එන්නම වැඩි වුණා මිසක් කවදාවත් අඩු වුණේ නෑ කියලත් ඇය කියනවා. ඒ වගේම කොහේදි හරි දැක්කොත් ප්‍රේක්ෂකයො ඇයට තවමත් කතා කරන්නේ අරුණි කියලාලු. කොහොම නමුත් මේ දවස්වල දෙවනි ඉනිම අවසන් කොටස් ටික රූගත කරන නිසා ඒකත් එක්ක කාලය කතා කරනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම අරුණිගෙ චරිතය පෙම්වතියක්, බිරියක් වගේම මවක් ලෙසත් නිරූපණය වුන නිසා අතරින් ප්‍රෙග්නන්ට් කාලෙ රංගනයට ඇයට ගොඩක් ආස හිතුණා කියලත් ඉෂානි කියනවා. ඉතින් 2017 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය ලැබුනට පස්සේ තමයි ඇයට දෙෙවනි ඉනිම ස්ක්‍රීන් ටෙස්ට් එකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුනේ. ඉතින් ඒකෙන් සිලෙක්ට් වෙලා තමයි ඉෂානිට අරුණිගෙ චරිතය ලැබුණේ.

ඒ වගේම ආදරේ හරිම ලස්සනයි හරි කෙනෙක් ජීවිතේට ආවොත් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයට තාමත් ගොඩක් ප්‍රපෝසල් එනවාලු ඇය තුළින් අරුණිව බලාපොරොත්තුවෙන්. මොකද ගොඩක් අය හිතන්නේ ඇය අරුණි වගේ කියලාලු. නමුත් සැබෑ ජීවිතේ ඇය අරුණිට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියලයි ඉෂානි නම් කියන්නේ. ඉතින් අපි හිතන් හිටියේ අහිංසකයි කියලා බැලුවම මේ කෙල්ල අහිංසක නෑනෙ කියලා කියන අයත් ගොඩක් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.