මම මගේ වෘත්තිය එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ, ඉතින් මට ලැබෙන චරිතයට මම උපරිම සාදාරණයක් කරනවා-ජගත් චමිල
අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ජගත් චමිල කියලා කියන්නේ. ඒ වගේම මෙවර රයිගම් සම්මාන උලේළේ දී හොඳම නළුවා ලෙසින් සම්මාන ලැබුවේ ඔහුයි. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මාණික්කාවත ටෙලි නාට්‍යයේ කෙටිහාමි කියන්නෙම මේ මොහොතේ අවශ්‍ය වන පරමාදර්ශී චරිතයක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මිනිසුන් අතර රැඳුණු සහ මේ කාලයට අවශ්‍ය වන මාතෘකාවක් විදියට කෙටිහාමි කියන චරිතය ඉතාමත්ම ජනප්‍රිය සහ බොහොම ආධ්‍යාත්මිකව වැදගත් වුණු පරමාදර්ශී චරිතයක් විදියට ප්‍රේක්ෂකයින් අරගෙන තියෙනවා කියලත් ඔහු කියනවා.

කොහොම නමුත් පොතක් රූප රාමුවට අරගෙන එන එක අතිශයින්ම දුෂ්කර කාර්යයක් කියලයි ඔහු කියන්නේ. ඉතින් එහෙම නිර්මාණ අතරේ අසාර්ථක වුණු නිර්මාණත් බොහොමයක් තියෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම සමාජ මාධ්‍යය කියන්නෙත් විවෘත වේදිකාවක් නිසා ඔහු මේ කියන කාරණාව විනිවිදව ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට යූ ටියුබ් තියෙන මාණික්කාවතේ කොටස් කිහිපයක් බලලා ඒවාට ඇවිත් තියෙන ප්‍රතිචාර බැලුවනම් තේරෙනවා කියලයි ඔහු නම් කියන්නේ. කොහොම නමුත් සම්මානයකින් කලාකරුවෙක් උත්තේජනයක් ලබනවා වුනත් මේ වෙලාවේ සම්මානයක් ලැබීම තුළින්වත් සම්මානයක් නොලැබීම තුළින්වත් ඔහුව වෙනස් කරන්න පුළුවන් තැනක ජගත් චමිල කියන කෙනා නැහැ කියලත් ඔහු කියනවා. ඉතින් ඒකට හේතුව මාණික්කාවතේ කෙටිහාමි සහ ජගත් චමිල අතරේ ලොකු වෙනසක් නැති නිසා කියලයි ඔහු නම් කියන්නේ.
ඒ වගේම දැන් ඔහුට තියෙන්නේ සම්මානයක් ලැබීම තුළින් උද්දාමයට පත්වෙනවට වඩා සම්මානයකට නිර්දේශවීම ඇතුළෙම තියෙන ඊළඟ වගකීම වෙනුවෙන් ඔහු කොච්චරක් දුරට සූදානම් ද, ඔහු ඒ වගකීම තුළ කොච්චර දුරට ඉන්නවද සහ ඒ වගකීම වෙනුවෙන් තව මොනතරම් දේවල් අත්පත් කර ගත යුතුයි ද කියන තැන කියලත් ඔහු කියනවා. ඉතින් ඒක තමයි සම්මානයක් ලැබීම තුළ තියෙන භයානකකම කියලයි ඔහු කියන්නේ. ඒ වගේම සම්මානය ආභරණයක් විදියට අපිට එල්ල ගන්න අපහසු ඒක අතිශයින්ම වගකීම් සහගත තත්ත්වයක් නිසා කියලත් ජගත් කියනවා.

හැබැයි ඔහු ලැබෙන චරිතයට උපරිමය කරන්න සෑහෙන්න වෙහසක් ගන්න මනුස්සයෙක් කියලත් ඔහු කියනවා. ඉතින් ඒකට ඔහුට සාධාරණීය ප්‍රතිචාරයන් ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් හැමදාම ලැබිලා තියෙනවා කියලයි ජගත් කියන්නේ. ඒ වගේම ඔහු රංගන වෘත්තීය එක්ක සෙල්ලම් කරන්න කැමැති නැති නිසා ඒක ඉතාමත් වගකීම් සහගත තත්ත්වයක් විදිහට අරගෙන ඉදිරියටත් වැඩ කරගෙන යනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.