Watapita

Just another WordPress site

කොච්චර හොඳ චරිත රඟපාලා තිබුනත් මට සම්මාන උළෙලකට ආරාධනාවක්වත් ලැබිලා නැහැ- එස්.අයි.සමරක්කොඩි

වේදිකාව හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වෙද්දී ටෙලිනාට්‍ය සියයකට වඩා ප්‍රමාණයකට රංගනයෙන් දායක වුනු දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි එස්.අයි.සමරක්කොඩි කියලා කියන්නේ. ඒ වගේම ඔහු මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරයක් විදිමින් ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ ජානු ටෙලිනාට්‍යයේ අල්පොන්සුගේ චරිතය හරහායි. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ ගෙවෙන්නේ 23වන අවුරුද්ද කියලත් ඔහු කියනවා. ඒ වගේම කෙනෙකුට ෆිල්ම් එකක, ටෙලිනාට්‍යයක රඟපාපු ගමන් නළුවෙක් වෙන්න බැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු දැන් හුණු වටය, කැළණි පාලම, කුවේණි වෙනි ඉතාම ප්‍රසිද්ද නාට්‍ය රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඒ වගේම ඔහු කැම්පස් ගිහින් තියෙන්නේ වයස අවුරුදු 31න්. ඊට පස්සේ තමයි ඔහු නාට්‍ය හා රංග කලාව පිලිබඳ විශේෂවේදී උපාධිය ලබාගන්නේ. ඉතින් ඒ ලබාගත්ත දැනුමේ ප්‍රථිපල ඔහුට දැන් දකින්න තියෙනවා කියලත් සමරක්කොඩි කියනවා. කොහොම නමුත් හැමෝගෙම ජීවිතවල හැංගිච්ච කතාවක් තියෙනවා. ඉතින් ඔහු රංගනයෙන් දායක වෙන ජානු කතාව ඇතුලෙත් තියෙන්නේ හැමෝගෙම ජීවිත ඇතුලේ තියන කතන්දරයක් නිසා මේ කතාවට දැන් හැමෝම ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම විවාහ වෙලා එකට ජීවත්වෙන වෙන දෙන්නෙක් අතරේ ලොකු ඉවසීමක් වගේම තේරුම් ගැනීමක් තියෙන්න ඕන කියලත් ඔහු කියනවා. එහෙම නැත්තම් සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න බැහැ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඕනෑම කෙල්ලෙක් හැමදේකටම වඩා බලාපොරොත්තු වෙන්නේ ආදරය කියලත් ඔහු කියනවා. ඉතින් කවුරු මොන මොන කතා කිවුවත් ඇත්ත ආදරේ තියනවානම් දෙන්නෙකුට කරන්න බැරි දෙයක් නැහැ කියලයි ඔහු නම් කියන්නේ. කොහොම නමුත් ඔහු දැන් රංගනයෙන් දායක වෙන අල්පොන්සො කියන චරිතයට සම්මානයක් ලංකාව ඇතුලෙන්නම් ලැබෙයිද කියලා ඔහුට විස්වාසයක් නැහැලු. මොකද ඊට වැඩිය කොච්චර හොඳ චරිත ලැබිලා තිබුනත් සමහර සම්මාන උළෙලවල් වලින් ඔහුට ආරාධනාවක්වත් ලැබිලා නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *