මම දැන් අවුරුදු 23ක් රඟපානවා, පෙනුම කොහොම වුනත් මම වැඩ කරන්නේ හැකියාව මත-එස්.අයි.සමරක්කොඩි
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘ජානු’ ටෙලි නාට්‍යයේ අල්පොන්සොගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි එස්.අයි. සමරක්කොඩි කියලා කියන්නේ. ඒ වගේම වේදිකාව හරහා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු මේ වන විට ටෙලි නාට්‍ය සියයකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන වගේම කළා කටයුතු ගැනත් කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල වැඩකටයුතු ඉතා හොඳින් කෙරීගෙන යනවා කියලයි ඔහු කියන්නේ. ඒත් එක්කම ජානු ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදු වෙනවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ජානු ටෙලි නාට්‍යයේ අල්පොන්සොගේ චරිතයට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් අල්පොන්සො කියන චරිතය මිනිස්සු තදින් වැලඳගෙන තියෙන්නේ අල්පොන්සො කියන්නෙ හරිම ආදරණීය චරිතයක් නිසා කියලත් ඔහු කියනවා. ඉතින් අල්පොන්සො සුද්දිට අසීමිතව ආදරය කරලා කළු කැත මනුස්සයෙක් ලස්සන කෙල්ලෙක්ව කසාද බැඳලා හිටියට හමේ පාටෙ නෙවෙයි, ආදරේ තිබෙන්නෙ හදවතේ කියන එක ඔහුගේ චරිතයෙන් ඉස්මතු වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් අල්පොන්සො සුද්දිට තිබෙන ආදරය මිනිස්සුන්ට දැනිලා දැන් ඒ ආදරය පෙරළා අල්පොන්සුට ලැබෙනවා කියලත් ඔහු කියනවා.
ඒ වගේම ඔහු ක්ෂේත්‍රය තුල කාලෙන් කාලෙට ජනප්‍රිය වුණා වුනත් කොතැනකදීවත් ඔහුව අතහැරිලා නැහැ. ඉතින් ඔහු දැනට අවුරුදු 23ක් පමණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා කියලයි ඔහු කියන්නේ. නමුත් දැන් රියැලිටි තරග වගේ දේවල්වලින් ඇවිත් ඔවුන්ව පසු කරගෙන ගිහින් බොහෝ ජනප්‍රිය වුණු රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා කියලත් ඔහු කියනවා. නමුත් අද වෙනකොට එහෙම ආපු ගොඩක් අයට වෙච්ච දෙයක් නැහැලු. ඉතින් ඔහු වසර 23ක් තිස්සේ රැඳිලා ඉන්නවා. මොකද පෙනුම කොහොම වුණත් වැඩ කරන්නේ හැකියාව මත නිසා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුට විවිධාකාර චරිත ලැබිලා තිබුනත් එක රැයින් ජනප්‍රිය වුණු අය සෝඩා බෝතලේ කැඩුවා වගේ දැන් වෙච්ච දෙයක් නැහැලු. ඒ වගේම ඔහු හැදෑරීමක් ඇතිව ආපු නිසා තමයිලු තවම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ.

ඒ වගේම ඔහු ලංකාවේ පළමුවැනි දෙබස් රහිත නාට්‍යයක් නිර්මාණය කරළා තියෙනවා. ඉතින් මේ වන විට එය බොස්නියාවේ තිබුණු නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය විධියට සම්මානයට පාත්‍ර වුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම ලෝකයේ හොඳම නාට්‍ය විධියට ඔහුගේ අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනයෙන් යුතු නාට්‍යයක් පත්වීම පිළිබඳ විශාල සතුටක් තිබෙනවා කියලයි ඔහු කියන්නේ. ඒත් එක්කම ඔහු රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ 7ක් මෙම වසරේ විකාශය වීමට තිබෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.