Watapita

Just another WordPress site

ශිහාන් අයියා නිසා අද මාව නොදන්නා කෙනෙක් නැහැ, ඔහු සුපර්ස්ටාර් සිංදු කියද්දී මට අවුරුදු 8යි-ජූලියා සොනාලි

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන දක්ෂ සුරූපී නිවේදන ශිල්පිනියක් තමයි ජූලියා සොනාලි කියලා කියන්නේ. ඉතින් ඇය ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් වන හේෂාන් මල්ලව සමඟ එකතු වෙලා මෙහෙයවන තරු ඉරිදා වැඩසටහනේ නිසා තමයි ඇයවත් නොහිතපු විදිහට ඇයට ජනප්‍රිය වෙන්න ලැබුනේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය නිවේදිකාවක් විදිහට හරිම අල්ප වශයෙන්නෙ කට්ටිය දැන හඳුනගෙන හිටියත් ඇය මෙහෙයවන ‘තරු ඉරිදා’ වැඩසටහන නිසා ඇය ගැන හිතාගන්න බැරි විදිහේ කතාබහක් ඇති වුණා කියලයි ජූලියා කියන්නේ. ඉතින් ඒ දේට මූලිකම හේතුව වුණේ මීට අවුරුදු 17කට පෙර සිරස නාළිකාවෙන් ආරම්භ කරපු සිරස සුපර් ස්ටාර් වැඩසටහන රටේම කැළඹීමක් සිදු වුණා වගේම රටේම උන්මාදයක් බවට පත්වුන නිසා. ඉතින් ඒ තුළින් බිහි වුණු ගායන තරු 10 දෙනෙක් එදා තරු ඉරිදා වැඩසටහනට එකතු වෙලා හිටියා. ඒ වගේම ඒ තරු අතර සිටි ඉතා ඉහළ රසික ආදරයක් ආකර්ෂණය දිනාගත් තරුවක්නෙ ශිහාන් මිහිරංග කියලා කියන්නේ. ඒ කාලෙ ඔහු අපේ රටේ තරුණියන් අතර සිහින කුමාරයෙක් වෙලා හිටිය බව කාටත් රහසක් නම් නෙවෙයි.

ඉතින් එදා ඔහු ගායනා කරලා අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීතයක් අවුරුදු 17කට පසුව නැවතත් මේ වැඩසටහන වෙනුවෙන් ගායනා කළා. ඒ වෙනුවෙන් ජූලියා පුංචි නිරූපණයකට සම්බන්ධ වුණා. ඉතින් ඒ ඇය තුළින් හිතුවේවත් නැති විදිහේ කතාබහකට ලක්වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම මේක දැකපු සමහර ගැහැනු ළමයි හරිම ආදරෙන් ඇයට බැනලා තියෙනවාලු. ඉතින් ඒ ප්‍රතිචාර අතර තියෙනවාලු සුදු මහත්තයාගෙන් ඈත් වෙලා ඉන්න වගේ දේවල්. ඒ වගේම ඒ ප්‍රතිචාර තුළ හරිම රසවත් බවක් තියෙනවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් අවුරුදු 17කට පෙර සිරස සුපර් ස්ටාර් වැඩසටහන යද්දි ඇයට අවුරුදු 8යි කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඇත්තටම හරිම සුන්දර කාලයක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය හීනෙකින්වත් හිතුවේ නැහැලු රටක් ආදරය කරපු ඒ චරිත ටික වට කරගෙන නිවේදනය කරන්න හැකි වෙයි කියලා. ඒ වගේම ඇය කළා ක්ෂේත්‍රයට එන්නෙ ළමා නිවේදිකාවක් විදිහට. ඉතින් ඒ ආපු ගමනේ ඇය විවිධ වැඩසටහන් කරලා තියෙනවා. ඉතින් නොහිතපු විදිහට වගේ මේ ගමනෙ හිතාගන්න බැරි විදිහේ වෙනසක් සිදු වුණේ. ඉතින් හිතුවෙවත් නැති විදිහේ රසික පිරිසක් ඇයට මේ දින දෙක තුනට එකතු වෙලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *