Watapita

Just another WordPress site

ආරාධනා ලැබුණු ටෙලිනාට්‍ය 20ක් විතර මම මඟහැරියා, මොකද රුපියල් වලට බැහැ මාව තෘප්තිමත් කරන්න-කලණ ගුණසේකර

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි කලණ ගුණසේකර කියලා කියන්නේ. ඉතින් මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන අක්ෂි ටෙලිනාට්‍යයේ ජනාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල අක්ෂි එක්ක තමයිලු ඔහු වැඩිපුර කාලය ගතකරන්නේ. ඒ අතර අනුර ඒකනායකගේ නවතම ටෙලි නාට්‍යයේ වැඩ කළා කියලත් ඔහු කියනවා. ඒකත් ඔහුට අක්ෂි හි ජනා වගේම වෙනස් වැඩක් විදිහට කියලයි කලණ නම් කියන්නේ. මොකද ඔහු එහි රඟපාන්නෙ වෛද්‍යවරයකුගේ චරිතයක්.

ඒ වගේම මේ දිනවල ඉන්දික ෆර්ඩිනැන්ඩස්ගෙ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය තිරගත වීම ඇරඹිලා තියෙනවා. ඉතින් ඒක පුදුම තරම් ආදරේ හිතෙන චිත්‍රපටයක් කියලත් ඔහු කියනවා. ඒ වගේම එම චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් කෙරුණේ බස් එකක් ඇතුලේලු. ඉතින් රංගන ශිල්පියෙක් විදිහට ඒ වැඩේ ගැන මාර විදිහට තෘප්තිමත් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු ගොඩක් වැඩ භාරගන්න කෙනෙක් නෙවෙයිලු. ඒ නිසාම පහුගිය කාලයේ ටෙලි නාට්‍ය විස්සක් විතර ඔහු මගහැරලා තියෙනවාලු. ඉතින් ඔහුට පිටපතක් ලැබුණම ඒකෙ ඔහුට ලැබෙන චරිතය ඔහු කලින් නොකරපු විදිහෙ එකක් වෙන්න ඕනෑ කියලත් කලණ කියනවා.

ඒ වගේම ඔහුට ඒ චරිතය රහට විඳින්න පුළුවන් වෙන්නත් ඕනලු. එහෙම චරිත විතරලු ඔහු භාරගන්නෙ. කොහොම නමුත් ගෙදර ඔහුට ලොකු වගකීම් පවරලා නැති නිසා ඔහු හරිම තෘප්තිමත්ව ජීවත් වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් රුපියල්වල ෆැන්ටසියක් ඔහුට නැහැ කියලත් කලණ කියනවා. ඒ වගේම ඔහු රුපියල් පසුපස හඹා ගියත් රුපියල්වලට ඔහුව තෘප්තිමත් කරන්න බැහැ කියලයි කලණ නම් කියන්නේ.

ඒ වගේම පවතින ආර්ථික පීඩනය නිසා ඔහු හිතන්නෙ කලාකරුවෙක් විදිහට කොහොම හරි ජීවත් වෙනවා කියලලු. හැබැයි ඔහුටත් වඩා ජීවත් වෙන්න අමාරු මිනිස්සු ඉන්නවා කියලත් කලණ කියනවා. ඒ නිසා ඔහුට ඔහුගේ ආර්ථික ප්‍රශ්න ගැන කෙඳිරිලි නගන්න බැහැලු. මිනස්සුන්නට හීන දීලා දීලා ඒ මිනිස්සුන්ගෙ බලාපොරාත්තු විනාශ කරලා දැම්මට පස්සෙ එතැනින් එහාට කුමන කතාද, ඉතින් විනෝදාස්වාදය කියන්නෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *