මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරයෙක් වෙන්න, නමුත් දෛවය මාව ගායිකාවක් කළා-කාංචනා අනුරාධි
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නව පරපුර නියෝජනය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ‘කරකාර බඳින්නට’ ගීතය ප්‍රතිනිර්මාණයක් විදිහට ගායනා කළේ එහි මුල් ගායන ශිල්පියා වෙන ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාගේ පවුලේ අයගේ ආරාධනාවකට කියලයි ඇය කියන්නේ. ඒ ‘නාද’ සංගීත කණ්ඩායමේ අලුත් සංගීත සංයෝජනයකට. ඉතින් එතැනදි ගීතයට නොහිතපු ප්‍රතිචාර ලැබුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ‘කරකාර බඳින්නට’ ගීතයට කලින් අකීකරු පෙම් කතාවක්, කාලි, සීමා, උඳුරාවී කියන ගීත කරලා තිබුණත් කරකාර බඳින්නට ගීතයෙන් පස්සේ කරපු දැනෙනා තුරු මා, නාදෙන්, නොලියමි වගේම ආලේ මල් කියන හැම ගීතයක්ම මිනිස්සු හරිම ආදරෙන් වැලඳගත්තා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය උසස් පෙළ ශිෂ්‍යාවක් වෙලා ඉන්නකොට විවෘත අංශයෙන් 2016 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේ වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය දිනාගන්න ඇයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරියක් වෙන්නලු. ඉතින් ඒ නිසාම උසස් පෙළට ජීව විද්‍යාව කරන්න පවා හිතාගෙන හිටියා කියලයි ඇය කියන්නේ. ඒත් ඉස්කෝලේ කාලේ ඇයට පාසල් ඒකල ගායන තරගයකින් ජයග්‍රහණය කරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් එදා ඇය ගායනා කරලා තියෙන්නේ ‘දීකිරි දීකිරි’ ගීතය. ඊට පස්සේ හැමෝම ඇයව දකිද්දි ‘දීකිරි’ කියන්න පටන් ගත්තා කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදිහට පාසල තුළත් ජනප්‍රිය වුණාම ඇයට හිතුණාලු ඇයගේ ගමන තියෙන්නේ සංගීතය එක්ක කියලා. අන්තිමේ දෛවය පශු වෛද්‍යවරියක් වෙන හීනය වෙනස් වෙලා ගායිකාවක් කියන තැනට ඇයව අරන් ආවා කියලයි කාංචනා නම් කියන්නේ.

ඒ වගේම ඇය පුංචි කාලේ ඉඳන්ම පහතරට නර්තනය හදාරලා තියෙනවාලු. ඉතින් පාසල තුළදිත් විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව කළා කියලත් ඇය කියනවා. ඒත් කාලයත් එක්ක ඇය සංගීතය පැත්තට තමයිලු ගොඩක්ම බරවුණේ. ඒත් අදටත් ඇයට හොඳට නටන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ පෙනුමත් එක්ක රංගනයට දැන් සෑහෙන්න ආරාධනා ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒත් සංගීතය තමයිලු ඇයගේ ජීවිතේ අංක එක. කොහොම නමුත් ඇය ආසයිලු හොඳ නිර්මාණයක් ලැබුණොත් සංගීත ගමනට හානියක් නොවෙන්න රඟපාන අත්දැකීමත් එකපාරක් හරි අරන් බලන්න.