Watapita

Just another WordPress site

හැමෝම කියනවා මම ශලනි තාරකා වගේ කියලා, ඉතින් මම අවුරුදු කුමරිය වුනෙත්, නිලියක් වුනෙත් ඇය නිසයි-කස්තුරි ජයවර්ධන

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නීල පබළු සහ ජානු ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇය සහ ජනප්‍රිය නළු සංගීත් ප්‍රභූ සමඟ තියෙන ප්‍රේම සම්බන්දය නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය දැන් විදින ගමන් සතුටින් ජීවත් වෙනවා කියලයි කස්තුරි කියන්නේ. ඒ නිර්මාණ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඔවුන් දැන් ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු තුනහමාරක් වෙනවාලු. නමුත් ඔවුන් පෙම්වතුන් වුණා කියලා මාධ්‍යට කියලා නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම විවාහ වෙන්න තව ටික කාලයක් යයි කියලත් ඇය කියනවා. මොකද ඇය තවම ඉගෙන ගන්න නිසා වගේම තවමත් ඔවුන් ස්ථාවරයකට ඇවිත් නැති නිසා. ඉතින් හිමීට ඔවුන් දෙන්නගෙම වැඩ කටයුතු කරගෙන හරි කාලය ආවම විවාහ වෙන්න තමයිලු හිතාගෙන ඉන්නේ. ඒ වගේම තවම දින වකවානු දාගෙන නැති නිසා බොහෝ දුරට තව අවුරුදු දෙක තුනකින් විවාහ වෙයි කියලයි කස්තුරි නම් කියන්නේ.

ඒ වගේම ඔවුන් දෙන්නගෙන් වැඩිපුරම තේරුම් ගැනීම තියෙන්නේ සංගීත්ට කියලත් ඇය කියනවා. හැබැයි වැඩිපුරම රණ්ඩු කරන්නේ ඇයලු. ඉතින් ඔහුගේ ඉවසීම නිසා මේ තරම් දුර එන්න ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ තරම්ම ඔහු ඇයව තේරුම් අරගෙනලු ජීවත් වෙන්නේ. ඒ වගේම ඇයගේ රූපය ජනප්‍රිය නිලි ශලනි තාරකාට සමානයි කියලා හැමෝම වගේ කියනවාලු. ඉතින් ඇය හිතන්නේ ඒ රූපයට ටිකක් ඇය සමාන නිසා මට ගොඩක් නිර්මාණ වලට ආරාධනා ලැබුණා කියලාලු.

ඒ වගේම ඇය ඒ රූපයට සමාන නොවුණා නම් අද රංගන ශිල්පිනියක් නොවෙන්න ඉඩ තිබුණා කියලයි කස්තුරි නම් කියන්නේ. ඉතින් අදටත් ඇයට වැඩ ගොඩක් ලැබෙන්නේ ශලනි නිසා තමයි කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය දෙරණ අවුරුදු කුමරිය වෙන්න ශලනි වගේ කියන එකත් බලපාන්න ඇති කියලයි ඇය කියන්නේ. මොකද ඇයගේ කන් දෙකට ඇහිලා තියෙනවාලු එයා ශලිනි තාරකා වගේ එයාව තෝරගන්න කියලා කියනවා. එනිසා ඇය එදා අවුරුදු කුමරිය විදිහට තේරෙන්නත් ඇති කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *