Watapita

Just another WordPress site

වසන්තය වුනත් ලස්සන පරක්කු වෙලා එනකොට, ඉතින් මට මාදවීත් ඒ වගේ, ඇය වෙනුවෙන් මම පණ වුනත් දෙනවා-කසුන් මහේන්ද්‍ර

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන ගී පද රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම පුවත්පත්වලට තීරු ලිපි ලියන්නෙක් තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියලා කියන්නේ. ඒ වගේම ඔහු මේ දිනවල ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්නේ ඔහුගේ පෙම්වතිය වන කවුරුත් දන්න කියන ජනප්‍රිය කළා ශිල්පිනියක් වන මාදවී වත්සලා ඇන්තනී නිසයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල ඔහු කාර්යබහුලව නමුත් බොහොම සුව සේ ආදරෙන් ඉන්නවා කියලයි කසුන් නම් කියන්නේ. ඒ වගේම අලුතින් ඔහු ලියලා අධ්‍යක්ෂණය කරන ගීත නිර්මාණ කිහිපයක රූප රචනාවන් සිදුකරමින් ඉන්නවා කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ළඟදීම නිර්මාණය වුනු ඔහුගේ ගීතයක් නුදුරේදීම මාධවී ඇන්තනීගේ හඬින් ප්‍රේක්ෂකයාට විඳගන්න පුළුවන් වෙයි කියලයි ඔහු කියන්නේ. ඊට අමතරව ඔහු ඉදිරියේදී අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණයක් සහ සිනමාපටයක් වෙනුවෙන් ෆුල්ටයිම් කාලය කැපකරලා තමයිලු තියෙන්නේ.

කොහොම නමුත් ඔහුටවත් ඔහුගේ පෙම්වතිය වන මාදවීටවත් ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ කියලත් ඔහු කියනවා. මොකද ඔවුන් ඔවුන්ට අවංකයි වගේම ලෝකෙටත් අවංක නිසා. ඒ වගේම ඔහු විශ්වාස කරන දෙයක් තමයිලු මේ ලෝකෙ මිනිස්සු ගෑනු කවුරුත් නරක නෑ කියන දේ. හැම ගෑනිටම මවපු පිරිමියෙකුත්, හැම පිරිමියටම මවපු ගැහැනියකුත් ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ජීවිතේ හරියට පසල් එකක් වගේ නිසා අපි කිහිප වතාවක් උත්සාහ කරලා හරි අපේ කෑල්ලට ගැළපෙනම කෑල්ල ගළපගන්න පුලුවන්නම් එතකොට මැරෙනකන් සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන් කියලත් ඔහු කියනවා.

ඉතින් ඔවුන් හමුවුණේ හුඟක් පරක්කු වෙලා වුනත් ඔහු ලියපු කවියක පද පෙළක් තියෙනවා ‘වසන්තය වුණත් ලස්සන පරක්කු වෙලා එනකොට’ කියලා. ඉතින් ඒ වගේම ලෝක ප්‍රකට ලේඛක පාවුලෝ කොයියෝ කියනවා වගේ ‘හැම ආදරණීය හමුවීමක් ම මීට කලින් සැලසුම් කරලා තියෙනවා’ කියලා ඔහු විශ්වාස කරනවාලු. ඉතින් මාදවී කියන්නේ බොහොම මව්වත් ගැහැනියක් කියලයි කසුන් කියන්නේ. ඒ වගේම ඉතාම ඉක්මනින් සංවේදී වන දුක හිතෙන හිනාවෙන හුරතල් වෙන ආදරේ හිතෙන රණ්ඩු වුණත් ඉක්මනින් යාළු වෙන හරිම ලස්සන ආත්මයක් ඇයට තියෙන නිසා ඔහු ඇය කෙරෙහි තදින්ම ආත්මීයව බැඳුණා කියලත් කසුන් කියනවා. ඉතින් ඇය වෙනුවෙන් ඔහුට කරන්න බැරි දෙයක් නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *