Watapita

Just another WordPress site

මගේ පම්වතා තමයි අකලංක, ඔහුත් මගේ පරම්පරාවේ වේදිකාවෙන් බිහිවුනු දක්ෂ රංගන ශිල්පියෙක්-කසුනි කාවින්දි

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙස ජය ගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි කසුනි කාවින්දි කියලා කියලා කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ රසිකාගේ චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනාගත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන බයෝ කතා මාලාව නිසා තරමක් කාර්යය බහුලව කාලය ගත කරනවා කියලයි ඇය කියන්නේ. මොකද එහි දෙවැනි කතා මාලාවේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කරල තියෙන නිසා. ඒ වගේම එම චරිතය ඇයට තරමක් විශේෂයි කියලත් කසුනි කියනවා. ඉතින් ඒ සඳහා ඇය ඇයගේ කොණ්ඩය වගේම මූණේ පාටත් වෙනස් කරගෙනලු දැන් ඉන්නේ. ඒ නිසා වෙනත් නිර්මාණ වල රඟපාන්න මේ දිනවල අපහසුයි කියලයි ඇය කියන්නේ. ඊට අමතරව මෝර්ශන් කැප්චර් තාක්ෂණයෙන් ප්‍රධාන චරිතය කළ ගජමෑන් මේ දිනවල තිරගත වෙනවා. තව ඇය සුළු චරිතයකින් දායක වුණු වෙඩි නොවදින ළමයි චිත්‍රපටයද මේ දිනවල තිරගත වෙනවා.

කොහොම නමුත් වේදිකාව කියන්නෙ හරිම අභියෝගාත්මක තැනක් කියලත් කසුනි කියනවා. ඒ නිසා වේදිකාව තුළ දී කෙනෙක්ට අයිස් ගහන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් හැම රංගන ශිල්පියෙකුටම වේදිකා නාට්‍ය නිළියක් හෝ නළුවෙක් වෙන්න බැහැ කියලත් ඇය කියනවා. එතැනදී සිදුවන්නේ සජීවී ඉදිරිපත් කිරීමක් නිසා කටහඬ අංගචලන, සියුම් චලන පවා පුහුණු කරන්න අවශ්‍යයි කියලයි කසුනි කියන්නේ. මොකද වේදිකාව තුළ වැරදුණොත් වැරදුනාම තමයි නිසා. ඉතින් කැමරාව ඉදිරියේ බය නොවී වැඩ කරන්න ලොකු ආත්මවිශ්වාසයක් එහිදී ගොඩනඟනවා කියලත් ඇය කියනවා. ඒ නිසාම රංගනය තුළ වැඩිපුරම කැපී පෙනෙන රංගන ශිල්පීන් වේදිකාව තුළින් උපත ලැබූ අය කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇයගේ පළවෙනි ටෙලි නාට්‍ය රූගත කිරීම ඇරඹෙන්නේ 2013 වර්ෂයේදීයි. ඉතින් ඒ කාලයේ පටන් වසර දහයකට ආසන්න කාලයක් ඇය නාට්‍ය කිහිපයක වැඩ කටයුතු කරමින් ප්‍රේක්ෂක පිරිසක් එක්කර ගත්තා. ඒ අතර තණමල්විල කොල්ලෙක්, රාවණ වැනි ටෙලි නාට්‍යවලින් වැඩිදියුණු වුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් නාඩගම්කාරයෝ වැනි දීර්ඝ ටෙලිනාට්‍යයකින් වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇය වටා එක්රොක් වුණා කියලයි කසුනි කියන්නේ. ඉතින් දැන් පාරේ ගියත් ඇයව නොහඳුනන කෙනෙක් නැති තරම්. ඒ වගේම ලංකාවෙන් පිටදීත් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇය වටා සිටිනවා කියලත් ඇය කියනවා. ඒ නිසා රංගන කාර්යයේදී නාඩගම්කාරයෝ කේන්ද්‍ර ස්ථානයක් වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය දැන් පෙම්වතියක්. ඇයගේ ආදරවන්තයා තමයි අකලංක ප්‍රභාශ්වර. ඔහු වේදිකා නාට්‍යයවලට සම්බන්ධ ඇයගේ පරම්පරාවේම රංගන ශිල්පියෙක් කියලත් ඇය කියනවා. ඉතින් ඔහු ඉතාම දක්ෂ වගේම විශිෂ්ට රංගන ශිල්පියෙක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඔහු ටෙලිනාට්‍ය භාර ගන්නවා ගොඩක් අඩු වුනත් ඉදිරියේදී ඔහුව ටෙලිනාට්‍ය කිහිපයකින්ම දැකගන්න පුළුවන් වේවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *