පද්මාවතීට පණ දුන්නේ මම වුනාට හඬ දුන්නේ පබෝදා, දැන් පාරේ බැහැල යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා-කසුනි කවින්දි
වේදිකාව, රිදී තිරය මෙන්ම පුංචි තිරය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි කසුනි කවින්දි කියලා කියන්නේ. ඒ වගේම රාවණ, තණමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මේ දිනවල කා අතරත් ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තියෙන්නේ ගජමෑන් චිත්‍රපටයේ පද්මාවතී නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් මේ දවස්වල ඇය ටෙලි නාට්‍යය වලින් නම් පොඩි විවේකයක් අරගෙනලු ඉන්නේ. ඒ වගේම වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරගෙන යනවා කියලත් ඇය කියනවා. ඊට අමතරව කෙටි චිත්‍රපට, මියුසික් විඩියෝ වැඩ ටිකක් කරගෙන යනවා කියලයි කසුනි නම් කියන්නේ. ඒ වගේම ඇය සාමාන්‍යයෙන් ජනප්‍රියත්වය ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් නෙවෙයි කියලත් කසුනි කියනවා. මොකද ඇය හරිම නිදහසේ ජීවිතේ ගෙවන්න පුරුදු වුණු කෙනෙක් නිසා.

ඉතින් ඇයට ලංකාවේ පළමු 3D ඇනිමේෂන් චිත්‍රපටය ගජමෑන් හි ප්‍රධාන නිළිය පද්මාවතීට පණ දෙන්න අවස්ථාව ලැබුනට ඒ දවස්වල ඇය මෝෂන් කැප්චර් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ගජමෑන් චිත්‍රපටයට ඇයට කතා කරනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තුන්වෙනි අවුරුද්දේ ඇය ඉගෙන ගන්නවා. ඉතින් ඇය මුලදී අදිමදි කලත් ඊට පස්සේ ලෝකේෂන් එකට ගියාට පස්සෙත් කිසිම අදහසක් ඇයට තේරුණේ නැහැලු. ඒ කියන්නේ 2014දී. ඊට පස්සේ ලොකේෂන් එකට ගිහිල්ලා ටික ටික මේ ගැන අධ්‍යයනය කරළා මෝෂන් කැප්චර් කියන්නේ මොකද්ද කියලා හොයමින් ඉගෙන ගනිමින් තමයිලු පස්සේ ඇක්ට් කළේ. ඉතින් ඒක ඇයට මාරම අත්දැකීමක් කියලත් කසුනි කියනවා. ඒ නිසාම ගජමෑන් කියන්නේ ඇයට අමතක නොවනම Shoot එකක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ගජමෑන් අත්දැකීම මේ ෆිල්ම් එක ඇතුළේ වැඩ කරපු කෙනෙක් විදිහට වැඩිය ඇයට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ප්‍රේක්ෂකයෙක් රංගන ශිල්පිනියක් විදිහට ලොකු ආඩම්බරයක් දැනෙනවා කියලත් ඇය කියනවා. මොකද මේක අපේ රටේ පළමු 3D ඇනිමේෂන් ෆිල්ම් එක නිසා. ඒ වගේම ෆිල්ම් එක ෂූටින් පටන් ගත්තේ 2014දී වුනත් පරම්පරා ගණනක් ආදරයෙන් වැළඳගත් කැමිලස් නිර්මාණය කරලා තිබුණ ගජමෑන් කතා මාලාවේ පද්මාවතීට ඇයට පණ දෙන්න තිබුණේ මෝෂන් කැප්චර් කියන තාක්ෂණය හරහා. ඉතින් මෝෂන් කැප්චර් තාක්ෂණය කියන්නේ ඕනම චරිතයක අංග චලන මූණේ ඉරියව් අධිතාක්ෂණ කැමරා ඔස්සේ ග්‍රහණය කරගෙන ත්‍රිමාණ අවකාශයකට රැගෙන ඒම. ඒ වගේම මෝෂන් කැප්චර් අපේ රටට අලුත් වුණාට ලෝකයේ ගත්තාම බහුලව පාවිච්චි කරපු තාක්ෂණයක්.

ඉතින් දැන් පද්මාවතීට පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. හැමෝම හැබැයි හිතන් ඉන්නේ පද්මාවතීට හඬ කවන්නෙත් ඇය කියලා. ඇත්තටම ඇය පද්මාවතීට පණ දෙනවා විතරයි. පද්මාවතීට හඬ දෙන්නේ පබෝදා සංදීපනී. ඉතින් අවුරුදු 9 ක් ගොඩක් ඉවසීමෙන් බලාගෙන හිටියා ගජමෑන් එනකන් නිසා ඒ හීන බලාපොරොත්තු සියල්ල සැබෑ වෙලා තියෙනවා කියලත් කසුනි කියනවා. ඒත් එක්කම මේ වෙනකොට ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල ප්‍රේක්ෂකයන්වත් ගජමෑන් පිස්සු වට්ටලා ඉවරයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.