හිතන තරම් රඟපාන එක ලේසි දෙයක් නෙවෙයි, මට තවම පෙම්වතෙක් නැති නිසා මම පෙම්වතියක් නෙවෙයි-කවිහරි හපුතන්ත්‍රී
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජානු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ජානුගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි යසශ්‍රි කවිහාරි හපුතන්ත්‍රී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ජානු කියන්නේ ඇයගේ පළවෙනි රංගනය ඇතුළත් නිර්මාණය නිසා හැම අත්දැකීමක්ම අලුත් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇක්ට් එකකට ආදරේ කරනවා කියන එක ඇය කලින් කරලා තිබ්බේ නැති දෙයක් නිසා මුලදී නම් ලැජ්ජා හිතුණා කියලත් ඇය කියනවා. ඒ නිසා ඇයට ටිකක් අමාරු වුණාලු රඟපාන්න. ඒ වගේම ඇය චූටි දේටත් අඬන, චූටිම දේකින් හරි ගොඩක් සතුටු වෙන හරිම සංවේදී කෙනෙක් වගේම ජානු කියන්නෙත් ඒ වගේම කෙනෙක් නිසාත් ඒ චරිතයේත් ඇයගේ ඇත්ත ජීවිතෙත් ගොඩක් සමානකම් තියනවා කියලයි ඇය කියන්නේ. අනිත් එක ජානු කියන්නේ ඇය වගේම ගමේ හැදුන දඟකාර, හුරතල්, හොඳ කෙනෙක් කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇයට තවම පෙම්වතෙක් නැහැ කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ජානු නාට්‍යයට ලැබෙනවාලු. ඉතින් මඟ තොටේදී ගොඩක් අය ඇවිත් කතා කරන එක ගැන ලොකු සතුටක් තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මුලදී හිතුවේ රඟපාන එක ගොඩක් ලේසියි කියලා වුනත් ඇත්තටම ඒක හිතන තරම්ම ලේසි දෙයක් නෙවෙයි කියලයි කවිහාරි නම් කියන්නේ. ඉතින් රංගනය තුළ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන නිසා ඇය රඟපාන්න කලින් ඒ දේවල් දැනන් හිටියේ නැහැ කියලත් ඇය කියනවා. ඒ නිසාම දැන් රංගනය තුළින් ඇය ඒ දේවල් ඉගෙන ගනිමින් ඉන්නවාලු.

ඒත් එක්කම ජානු ලැබුණට පස්සේ ඇයට තව නිර්මාණ හත අටකටම කතා කළා කියලත් ඇය කියනවා. ඉතින් නාට්‍ය තුන හතරක්ම ප්‍රධාන චරිතවලට කතා කලත් ඇය ඒ කිසි එකකට මම ගියේ නැහැ කියලයි ඇය කියන්නේ. මොකද ජානු කියන්නේ ඇයගේ පළවෙනි ටෙලි නාට්‍යය නිසා ඇය කැමති ජානු තුළින් ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම ගිහින්, ආ මේ ජානු නේ කියලා මතක් වෙන තරමට ප්‍රේක්ෂකන් අතරට එන්න කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.