මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 10දි ගායිකාවක් විදිහට, ඊට පස්සේ නිලියක් වුනේ අම්මගේ ආසාවට-ඉසුරින්දි පියසේකර
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ යෙහානි එහෙමත් නැත්නම් ලෝයර් නෝනාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඉසුරින්දි පියසේකර කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් වැඩිපුරම කාලය ගෙවෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය රූගත කිරීම් එක්ක කියලයි ඇය කියන්නේ. ඒ වගේම රැකියාවේ වැඩකටයුතු එක්කත් ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට කැමරාව හුරු පුරුදු වුණාට රඟපාන එක ගැන දැනුමක් පුහුණුවක් තිබුණේ නැති නිසා දෙබස් කියන තැන ඉඳලා ඇයට කියලා දුන්නේ ශලනි තාරකා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ රංගන අඩුපාඩු හදාගත්තේ ඇය දිහා බලලා කියලත් ඉසුරින්දි කියනවා.

ඒ වගේම ඇයගේ පාසලෙන් තමයි ඇයට කලා හැකියාවන්ට මූලික අඩිතාලම වැටෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳලා ගායනයට, නිවේදනයට ඇයගේ දක්ෂතා තිබුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයට රඟපාන්න නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයව කලාව පැත්තෙන් ඉදිරියට යවන්න හීන දැක්කේ ඇයගේ අම්මා කියලයි ඉසුරින්දි කියන්නේ. හැබැයි ඇයට ආස වුණේ කළමනාකරණය පැත්තෙන් ඉගෙන ගන්නලු. ඉතින් ඇත්තටම ඇය කලාවට ආවේ අම්මාගේ ආසාව ඉෂ්ඨ කරන්නලු.

ඒ වගේම ඇය මුල් කාලේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් කීපයක් කරළා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඇය මාස් හෝල්ඩි ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා කියලයි ඇය කියන්නේ. ඒ අතරතුර තමයි ඇය කලා කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම ඇයට පුංචි කාලේ ඉඳලා ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා කියලත් ඉසුරින්දි කියනවා. ඉතින් ඇය ළමා නිවේදිකාවක් සහ ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ඇයට වයස අවුරුදු 10දී. ඒ සිරස ටී.වී. නෙළුම් විල වැඩසටහන හරහා. පසුව ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් මාධ්‍ය ආයතන කිහිපයකම වැඩ කළා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇයට අවුරුදු 15 වෙනකොට ඇය විශාරද විභාගයත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඇයගේ පළමු ගීතය ‘මතකයි ඔබ එදා’ කියන ගීතය මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඇයගේ හීන ටික ටික සැබෑ කරගනිමින් මේ ගමන යනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.