Watapita

Just another WordPress site

මට තාමත් ඔහු නැති දුක දරා ගන්න බැහැ, ඒකයි මගේ සම්මානය දර්ශන් ධර්මරාජ්ගේ දියණියට දෙන්න හිතුවේ-කුමාර තිරිමාදු

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කළා නිර්මාණ හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි කුමාර තිරිමාදු කියලා කියන්නේ. ඒ වගේම පහුගිය දවසක Ceylon International film festival (CEYIFF) සම්මාන උළෙලෙදි ඔහුට හොඳම සහාය නළුවාට සම්මානය හිමි වුණා. ඒ The Newspapers චිත්‍රපටය වෙනුවෙන්. ඉතින් මේ සඳහා රටවල් හතළිහකට අධික සංඛ්‍යාවකින් චිත්‍රපට තුන්සිය පහළොවක් පමණ ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වගේම මෙහි විශේෂත්වය තමයි සම්මාන උළෙලෙදි හොඳම සහාය නළුවා වෙනුවෙන් කුමාර තිරිමාදුට ලැබුණු සම්මානය තවත් නිර්මාණකරැවෙක් වෙනුවෙන් ඔහු ප්‍රධානය කිරීමට සූදානම් වීම. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැනත් කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් මේ සම්මානයට ඔහු, බිමල් වගේම දැයෙන් සමුගත් දර්ශන් නිර්දේශ වෙලා තිබුණා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම අදටත් ඔහුට රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය රූගත කරද්දි දර්ශන්ව ගොඩක් මතක් වෙනවා කියලත් කුමාර කියනවා. ඒ වගේම දර්ශන් ධර්මරාජ් ඔහුගේම සහෝදරයෙක් වගේ නිසා ඔහු නැතුව ගොඩක් පාලුයි කියලත් කුමාර කියනවා. ඒත් එක්කම සිංහල, දෙමළ කියන පාලම හැදුවෙත් දර්ශන් නිසා ඒ පාලම කඩා වැටීම ඔහුට ලොකු දුකක් කියලයි කුමාර කියන්නේ. ඒ නිසා ඔහු ඒ සම්මානය ඔහුගේ සහෝදර දර්ශන් වෙනුවෙන් එයාගේ දුවට දෙන්න තීරණය කරළා තියෙනවා. ඉතින් එදා සම්මාන උළෙලට දර්ශන්ගේ පවුලේ අය ඇවිත් හිටියෙ නැති නිසා ළඟදිම ඔහු ඒ සම්මානය ගිහින් ඒ දරුවට දෙනවාලු. ඒ වගේම ඒක තාත්තා වෙනුවෙන් ඒ දරුවන්ට අයිති වෙන්න තියෙන දෙයක් කියලත් ඔහු කියනවා.

ඒ වගේම අපි දැන් ඉන්නේ හදවතින්ම ආදරය කරපු රටේ ලස්සනම නළුවාව හිරේ දාපු රටක කියලයි ඔහු කියන්නේ. ඒ නිසා දේශපාලනඥයන් මේ කලාකරුවන්ට අත තියන්න නරකයි කියලත් ඔහු කියනවා. ඉතින් කළා කරුවෝ වුනාම රට වනසන අය නෙවෙයි රට සනසන අය වෙන්න ඕනලු. ඒ නිසාම කළා කරුවන්ට කරදර කරන්න එපා කියලයි ඔහු කියන්නෙ.

ඒ වගේම ‘The Newspapers’ චිත්‍රපටයෙන් පස්සෙ ඔහු ලියපු තවත් පිටපත් හතරකට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලත් ඔහු කියනවා. ඒ තමයි Old man, ස්පා, ලයිෆ් ගාඩ්, බල්රාජ්, Sky වගේම Sri Lankan නමින් ලියපු පිටපත් කිහිපයක්. නමුත් ඒ පිටපත් චිත්‍රපටයක් බවට පත් කරන්න තවමත් ඔහුට නිෂ්පාදකයෙක් මුණගැහුණෙ නැහැ කියලත් කුමාර කියනවා. ඉතින් දැන් හොඳ නිෂ්පාදකයෙක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *