Watapita

Just another WordPress site

ආදරය හැමෝටම වැදගත් දෙයක් වුනාට මමනම් විවාහය ගැන තාම හිතලවත් නැහැ, මම හැමදේම ඉගෙන ගත්තේ වේදිකාවේ-කුසල් මධුරංග

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ බණ්ඩාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි කුසල් මධුරංග කියලා කියන්නේ. ඒ වගේම වේදිකාවෙන් රංගනයට මුල් අඩිතාලම තබන ඔහු පසුගිය වසරෙහි රයිගම් ටෙලි නාට්‍ය උළෙලෙහි ජනප්‍රිය නළුවා සම්මානය හිමිකර ගත්තා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල ඔහු වේදිකා නාට්‍ය කිහිපයක් සමඟ රටපුරා ගමන් කරනවාලු. ඒ ධර්මප්‍රිය ඩයස්ගේ ‘මම නෙවෙයි වෙන කෙනෙක්,’ඒ වගේම චාලක රණසූරියගේ ‘සදුදා වැටෙන්නේ සිකුරාදට’ සහ උදයසිරි වික්‍රමරත්නගේ ‘ගරු කතා නායකතුමණි’ කියන වේදිකා නාට්‍යය හරහා. ඒත් එක්කම අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වල නිරත වෙමින් ඉන්නවා වගේම පාරදිගේ ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට සම්බන්ධ වෙමින් මේ දවස් ගෙවී යනවා කියලයි කුසල් නම් කියන්නේ.

ඒ වගේම ගිය වසරේ ජනප්‍රිය නළුවා සම්මානය ඔහුට ලැබුණා. ඉතින් මෙවර පාර දිගේ ටෙලි නාට්‍යයේම උද්ධික ප්‍රේමරත්න ඒ සම්මානය ලබා ගත්ත එක ගොඩක් සතුටුයි කියලත් ඔහු කියනවා. ඒත් එක්කම ඔහුට වේදිකාවෙන් ලබාගත් පන්නරය ඉතාමත් වැදගත් වුණාලු ටෙලි නාට්‍ය තුළ වැඩ කරද්දි. ඉතින් ඔහු වේදිකා නාට්‍ය තුළින් පැමිණි කෙනෙක් විධියට ඔහුට විශාල දැනුම් වපසරියක දේවල් හදාරන්න අවස්ථාව උදා වුණා කියලයි කුසල් කියන්නේ. ඒ වගේම ලංකාවේ සිටින ඉතාම දැවැන්ත සහ දක්ෂ නළු නිළියන් පවා වේදිකාවෙන් පැමිණි අය කියලත් ඔහු කියනවා.

ඉතින් වේදිකා නාට්‍ය කලාව, සිනමාව, ටෙලිනාට්‍ය කියන්නේ මාධ්‍යයන් තුනක් වුනත් ඒ මාධ්‍ය තුනේදි තුන් විධියකට, එම මාධ්‍ය තුන හදුනගෙන හැසිරීමට තිබෙන විශේෂ හැකියාව මත රංගන ශිල්පියෙක්, රංගන ශිල්පිනියකගේ දක්ෂ බව තීරණය වෙනවා කියලයි ඔහු නම් කියන්නේ. ඉතින් ඒ මාධ්‍ය තුනේදි නිවැරදිව හැසිරීම කියන කාරණය තමයිලු ඔවුන් ප්‍රගුණ කරන්න ඕන.

ඒ වගේම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන රාශියක් ඔහු මේ වනවිටත් ලබාගෙන තිබෙනවා. ඒ අතර යෞවන නාට්‍ය උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල වගේ ලංකාවේ තිබෙන වේදිකා නාට්‍ය උළෙලවල් කිහිපයකදීම ඔහුට සම්මාන ලැබිලා තිබෙනවා. කොහොම නමුත් ඔහු දැන් වෘත්තීය වශයෙන් රංගන ශිල්පියෙක් කියලත් කුසල් කියනවා. ඒ වගේම මේ වෙද්දි වගේම මීට ඉස්සරත් ඔහුට ආදරය ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ කියලයි ඔහු කියන්නේ. හැබැයි ආදරය කියන එක ජීවිතයට වැදගත් වුනත් විවාහය ගැන නම් තාම හිතලා නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *