මම දැන් ක්ෂේත්‍රය තුල අවුරුදු 25ක් වැඩ කරනවා, නමුත් මම ඉගෙන ගත්තේ සංගීත ගුරුවරියක් වෙන්න-මාධනී මල්වත්තගේ
වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය හරහාත් එක ලෙස දක්ෂතා දක්වූ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පිනියක් තමයි මාධනී මල්වත්තගේ කියලා කියන්නේ. ඒ වගේම වේදිකාවෙන් රංගනයට පිවිසි ඇය එදා සිට අද දක්වා වසර 25ක් පමණ රංගන කලාවේ ඇයගේ දක්ෂතා ප්‍රේක්ෂකයින් හමුවට ගෙන එනවා. එමෙන්ම ඇය ‘ජගන් මා’ නම් වේදිකා නාට්‍යයේ සිය රංගන කුසලතාව මනාව විදහා දක්වමින් සම්මානයටද පාත්‍ර විය. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දිනවල ඇය රඟපාන ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙන නිසා ඒවායේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය පුංචි කාලයේදී ඇයගේ අනාගත බලාපොරොත්තුව විධියට කිව්වේ සංගීත ගුරුවරියක් වෙනවා කියලාලු. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගෙන තියෙන්නෙත්. නමුත් නුවර ජීවත් වුණු අයෙක් විධියට පේරාදෙණිය විශ්වවිද්‍යාල වටපිටාව ඇසුරු කරන්න ඇයට අවකාශය ලැබීමත් සමඟ එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ ‘වල සතිය’ තුළ රඟ දැක්වූ නාට්‍ය නැරැඹීමට ඇයට අවස්ථාව ලැබිලා තියෙනවා.

කොහොම නමුත් ඇයට මේ අවස්ථාව ලැබෙන්නේ ඇයගේ තාත්තා හරහා. මොකද ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරපු කෙනෙක් නිසා මේ නාට්‍ය නැරැඹීමට ලැබීම තුලින් ඇයට නාට්‍ය කලාව පිළිබඳ ආසාවක් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇය උසස් පෙළ ඉවර වෙලා මහරගම තරුණ සේවා සභාවේ රංග කලාව පාඨමාලාවක් හැදෑරුවා කියලයි ඇය කියන්නේ. ඉතින් එහෙම හදාරලා තමයි ඇය ප්‍රායෝගික සහ න්‍යායික පසුබිමකින් වේදිකාවට පැමිණියේ. ඒ වගේම ඇය මුලින්ම ආචාර්ය ජයලත් මනෝරත්නගේ ‘කනේරු මල්’ වේදිකා නාට්‍ය හරහා තමයි වේදිකාවට පැමිණියේ.
ඉතින් අද වෙනකොට අවුරුදු 25ක් වගේ කාලයක් තිස්සේ ඇය රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා. කොහොම නමුත් ටෙලිනාට්‍ය කලාව සහ චිත්‍රපට කර්මාන්තය අද වෙනකොට කඩාවැටිලා තිබෙනවා. ඉතින් රජය මීට වඩා කලාවට අවධානය යොමු කළා නම්, කලාවට, කලාකරුවන්ට, රාජ්‍ය අනුග්‍රහය ලැබුණා නම් මීට වැඩිය ගුණාත්මක වටිනා නිර්මාණ බිහිවෙන්න තිබුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම 70, 80 දශකයේ තිබූ සිනමා කර්මාන්තය අද වන විට ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් යන නිසා කලාකාරිනියක් විධියට ඒක කනගාටුවට කාරණාවක් කියලයි ඇය කියන්නේ.බ කොහොම නමුත් වේදිකා නට්‍ය පැත්තෙන් නම් බොහෝ දක්ෂයෝ බිහිවෙලා ඉන්නවා කියලත් ඇය කියනවා. මොකද අද වන විට වේදිකා ක්‍ෂේත්‍රයට එන්නේ විශ්වවිද්‍යාල මට්ටමින් දැනුමක් ඇති අය. ඒ නිසා හොඳ නිර්මාණ කිරීමේ හැකියාව තිබෙන අය සිටිනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.