අපි දෙන්නගේ නොගැලපීම් නිසාම අපි ගොඩක් දුක් වින්දා, දැන් අපි දෙන්නම නිදහස්, මම දැන් මුනිවත රකිනවා-මාධවී ඇන්තනී
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලි ටෙලි නාට්‍යය ලන්නිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියලා කියන්නේ. ඉතින් ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන්නේ ඇය නැවතත් විවාහයෙන් වෙන්වීම නිසයි. ඉතින් මේ ගැන ඇත්ත නැත්ත දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් කාලයක් නිහඬව හිටපු ඇය දැන් ඒ නිහඬ බව බිඳින්න ඕනෙ කියලා හිතනවා කියලයි මාධවී කියන්නේ. ඒ වගේම 2023 ඇයට ඇයගේ ජීවිතේ කිසිදාක නැති තරම් හැලහැප්පීම් කඩා වැටීම්වලට මූණදීපු වසරක් කියලත් ඇය කියනවා. ඉතින් දැන් ඇය කැමති වුණත් අකමැති වුණත් ඇත්ත සැඟවීමෙන් පළක් නැහැ කියලයි ඇය කියන්නේ. මොකද කවුරුත් අමරණීය නැති නිසා.

කොහොම නමුත් විවිධාකාර මතගැටුම්, නොගැළපීම්, නොරිස්සුම් සහ හිත් රිදුම් අවසානයේදී ඔවුන් නීතියෙන් වෙන් වෙන්න තීරණය කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔවුන් දෙන්නම මුල සිටම මේ නොගැළපීම් නිසා බොහෝ චිත්ත පීඩා වින්දා කියලත් ඇය කියනවා. හැබැයි දැන් අපි දෙන්නම නිදහස් කියලයි ඇය කියන්නේ. ඉතින් මෙහෙම වෙච්ච පළමු කෙනාවත් අවසාන කෙනාවත් ඇය නෙමෙයි කියලත් මාධවී කියනවා. ඒ වගේම කවුරුත් හිතාමතා එහෙම කරදර දාගන්නෙ නිසා ඇය ඔහුට සුබ පතනවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇයගේ සහෝදරයන් ඔවුන්ගේ අඹුදරුවන් එක්ක හෝ තනිව විනෝද ගමන් ගිහින් පින්තූර පළ කරද්දි සතුට පළ කරන සමහර රසිකයන්ට ඇය එසේ කළොත් කේන්ති යනවා කියලත් ඇය කියනවා. ඉතින් සමහර විට ඔවුන් ඇයගේ කතාව සම්පූර්ණයෙන් දැනගෙන හිටියා නම් මේ තරම් නිර්ධය නොවන්නට ඉඩ තිබුණා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදි ඇය කෙළින් කතා කරන කෙනෙක් වුනත් එයින් බොහෝ දෙනාගේ පුද්ගලිකත්වය නිරාවරණය වෙලා ඔවුන් ලෝකය ඉදිරියේ ගොඩනගාගෙන තියෙන ප්රතිරූප හානි වෙන නිසා ඇයට දැන් එහෙම කරන්න බැහැ කියලත් ඇය කියනවා. ඒ නිසා ඇය දැන් මුනිවත රකින්න අදහස් කරනවා කියලයි මාධවී කියන්නේ.

ඒ වගේම දශක තුනකට වඩා ආයු වළඳලාත් ඇය තවමත් පුංචි කාලෙ සෙල්ලම් බත් උයද්දි දැකපු කුටුම්බ හීනයවත් හැබෑ කරගෙන නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇය හිතන විදිහට ඇයගෙ අධ්‍යාපන කටයුතු නිසා කලාවට යෙදවෙන්න කාලය නැති වුණාලු. ඒ වගේම කලා කටයුතුවලට යෙදවෙන්න කාලය වැය කළාම රැකියා අවස්ථාවලට සමු දුන්නා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ විදිහට විවිධ ඇරියස් කවර් කරන්න හැල්මෙ දුවන අතරේ ඇයට ඇයගේ ජීවිතේ මිස් වුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ජීවිතේ කෙටි නිසාත් අපි හිතන පරක්කුවට ගෙවිලා යන නිසාත් ඇය මැරෙන දවසක තනිකමක් නැතුව ගෙවන්න ආසයි කියලයි ඇය කියන්නේ. ඉතින් එදාට ඇය ලෝකෙ හොඳම නිළිය වුණත්, දක්ෂම ගායිකාව වුණත් ඇයට තනිකමක් දැනෙනවා නම් පලක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.