Watapita

Just another WordPress site

කසුන් මාව පියෙක් වගේ රැකබලා ගන්නවා, ඉතින් මගේ වටිනාකම දන්න කෙනා ළඟ මම සතුටින් නැවතුනා, අපි ලඟදි විවාහ වෙනවා-මාධවී ඇන්තනී

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනයටත් ඉතම දක්ෂයි. ඒත් එක්කම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලි ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් පහුගිය දවසක විවාහයෙන් වෙන්වුණු ඇය දැන් තවත් ආදර කතාවක් පටන් අරගෙන කියලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාවක් යනවා. ඉතින් එහි ඇත්ත නැත්ත දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් මේ දිනවල ඇය ජීවිතේ සුබවාදීව ගත කරන්න උත්සාහ කරනවා කියලයි මාධවී නම් කියන්නේ. ඒ වගේම කොයි තරම් බාධක කම්කටොලු ආවත් ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. මොකද දැන් ඇයට ජීවත් වෙන්න හේතුවක් තියෙන නිසා ජීවිතේ අලුතින් ලියාගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඉතින් කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වාම ඔහුව හඳුනන පිරිසක් අද ලංකාවෙ ඉන්නෙ ඔහුගේ දක්ෂකම් නිසා කියලත් ඇය කියනවා. ඒ වගේම කාලෙක ඉදන් ඔවුන් හොඳ යාළුවෝ නිසා ඇයගෙ ජීවිතේ බිංදුවටම වැටුණු මොහොතක තමයි කසුන්ට ඇය ගැන හිතක් පහළ වෙලා ඇයට යෝජනා කරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට ඇයට අප්පච්චි ඇරුණාම ඉන්නෙ ඔහු විතරයි කියලත් ඇය කියනවා.

මොකද ඇයගේ අප්පච්චි වන ජැක්සන් ඇන්තනී මහතා රෝගී වුනු වකවානුව තුළ ඇයට පිටුපාලා ඇයව කොන් කරලා තනි කරපු අය තමයිලු ඇයගෙ ළඟ හිටියෙ. ඉතින් අප්පච්චිත් අසනීප වෙලා නිහඬ වුණ තැන ඔහු ඇයට වාරුවක් වගේම සහනයක් වුණා කියලයි මාධවී නම් කියන්නේ. ඒ වගේම ඇයට ඇයගේ වටිනාකම කියා දුන්න නිසා ඇය හරිම සතුටින් එතැන නැවතුණා කියලත් ඇය කියනවා. ඉතින් දැන් ඇස් වහක් කටවහක් නෑ ඇයට කවදාවත් නැති තරම් ජීවිතේ බරපතළකමක් අද දැනෙනවාලු.

ඉතින් දැන් කසුන් ඇයව පියෙක් වගේ රැකබලාගන්නවා වගේම ඇයගේ වුවමනා එපාකම් සපයනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඉක්මනට ජීවිතේ පිළිවෙළක් කරගන්න අවශ්‍ය වුනත් ඒකට සමාජ ආර්ථික වපසරිය නිර්මාණය කරගන්න ඕනෙ කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඔවුන්ගේ බැඳීම තුළින් දිගු නව නිර්මාණ චාරිකාවක් යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *