රටක් ආදරය කරන මාධවී ඇන්තනී අලුත්ම පෙම්වතා සමඟින් ඇයගේ උපාධි සිහිනය සැබෑ කරගත්තේ මෙහෙමයි
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා පවුලක් තමයි ඇන්තනී කළා පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය පවුලේ ජැක්සන් ඇන්තනී මහතාගේ එකම දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනී කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇයගේ සහෝදරයින් දෙදෙනා වන අකිල ධනුද්දර වගේම සජිත ඇන්තනී කියලා කියන්නෙත් රටක් ආදරය කරන කළා තරු දෙකක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලි ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ කලින් විවාහයෙන් වෙන් වෙලා මේ වෙද්දී අලුත් පෙම්වතා සමඟින් කාලය ගත කරන නිසයි. ඉතින් ඇයගේ අලුත් පෙම්වතා තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියලා කියන්නේ. ඔහුත් කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරෙය්ක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

කොහොම නමුත් මාධවී පහුගිය දවසක ඇයගේ ජීවිතේ තවත් එක් සිහිනයක් සැබෑ කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ තමයි ඇය ඇයගේ උපාධි සිහිනය සැබෑ කරගෙන තිබුණා. ඒත් එක්කම මේ අපුරු අවස්ථාවට ඇයගේ ආදරණීය පෙම්වතාත් ඇවිත් තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූප කිහිපයක්ම මාධවී ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් මෙන්න මේ වගේ කතාවක් තමයි පවසලා තිබුනේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළා. ඉතින් මේ කාලය පුරාවට මට හැකි ආකාරයකින් සහයෝගය දුන් මගේ ගුරුවරුන්ට, සහෝදර සිසුන්ට සහ මගේ පවුලේ අයට ගොඩක් ස්තූතියි. මේක මගේ හීනයක් නෙවෙයි. මම ඒක කළේ මගේ අප්පච්චි වෙනුවෙන්. කොහොම නමුත් වෙනදාටත් වඩා ඔහු ළඟ නැති අඩුව මට අද ගොඩක්ම දැනුනා කියලයි ඇය ඒ විදිහට පවසලා තිබුනේ. ඉතින් අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.