Watapita

Just another WordPress site

බාගෙට ඇඳගෙන ඇඟ පෙන්නන එකම නෙවෙයි මොඩ්ලින් කියන්නේ, බැඳීම් ඇතිවුණාම අරමුණු පස්සට යනවා-මධුෂානී වික්‍රමසිංහ

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න වේදිකාවෙන් කලාවට පිවිස මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේම දස්කම් දක්වන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි මධුෂානී වික්‍රමසිංහ කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය කලාවට එන්නේ 2017 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව යටතේ පවත්වනු ලබන පූර්ණකාලීන රංගන පාඨමාලාව හදාරලා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඊට පස්සේ රංගන ඩිප්ලෝමා හැදෑරුවට පස්සේ තරුණ සේවා සභාවේ නාට්‍යවලට රගපාන්න අවස්ථාව ලැබුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මුලින්ම ආවේ වේදිකා රංගනයට. ඒ ජයසේකර අපොන්සු මහත්මාගේ ‘තටු’ නාට්‍යයට. ඉතින් මේ දවස්වල ඇය සරත් කොතලාවල මහත්මාගේ ‘පාරාවෝ සටන්වදී’ වේදිකා නාට්‍යයට දායක වෙලා ඉන්නවා සහ හෙක්ටර් කුමාරසිරි මහත්මාගෙන් වේදිකා නාට්‍යකට රංගනයෙන් දායක වෙනවාලු.

ඒ වගේම සිනමාව කියන්නේ බොහෝ දේ ඉගෙන ගෙන ආයුතු තැනක් කියලත් ඇය කියනවා. ඉතින් වේදිකා නාට්‍යය තුළින් ඇය කරළියට ආවට පස්සේ මුලින්ම සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටයෙන්. ඊට පස්සේ පුංචි තිරයට වඩා සිනමාවෙන් ඇයට ලැබුණු අවස්ථා වැඩි වුණා කියලයි ඇය කියන්නේ. මේ වෙනකොට ඇය රංගනයෙන් දායක වුණු හිතුමතේ ජීවිතේ, කතුරු මිතුරු, ආදරෙයි ජානු චිත්‍රපට තුනක වැඩ අවසන් කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ චිත්‍රපටවලත් ඇය දායක වෙන්නේ ප්‍රධාන චරිත වලට. ඒත් එක්කම එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටයත් ඉදිරියට තිරගත වෙන්න නියමිතව තියෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම කලාවට එන්න කලින්ම ඇය වැඩ කළේ නිරූපණ ක්ෂේත්‍රයේ. හැබැයි ඇය වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිනියක් නෙමෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් මොඩ්ලින් කියන්නේ කොටට ඇඳන් ඇඟ පෙන්නන එකම නෙමෙයි කියලත් ඇය කියනවා. ඇය කලාත්මක නිරූපණ ශිල්පිනියක් විදිහටලු ක්ෂේත්‍රයේ ඉන්නෙ. ඉතින් නිකන්ම ඇගපෙන්ගෙන ඉන්න ඒවට වඩා කලාත්මක ඒව මිනිස්සු රසවිඳින්න මිනිස්සු හරිම කැමතියි කියලත් ඇය කියනවා. ඒ වගේම මෑත කාලයකදී සමාජ මාධ්‍ය ඔස්සේ මැටි කර්මාන්තය ආශ්‍රිත ඇය කරපු ෆොටෝ ෂූට් එක විශාල විදිහට ජනප්‍රිය වුණා. ඒ නිසාම ඇය කැමති ඒ වගේ කලාත්මක නිරූපණයන් කරන්න කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාව පිළිබඳ බාහිර උපාධිය හදාරනවාලු. ඉතින් ඇයට ඕන දක්ෂ රංගන ශිලිපිනියක් ලෙස සිනමාවේ සහ වේදිකාවේ දිගටම රැඳී ඉන්න කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඇය ඉගෙනීම් කටයුතු කරන අතරේ කලා කටයුතු වගේම ඇයගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ව්‍යාපාර පැත්තෙන් ඇය රූපලාවන්‍ය ශිලිපිනියක් ලෙස රූපලාවන්‍යගාරයකුත් පවත්වාගෙන යනවාලු. කොහොම නමුත් ඇයට දැන් ක්ෂේත්‍රයේ අයට වඩා බාහිර අයගෙන් තමයිලු ආදර යෝජනා එන්නේ. හැබැයි ඇය දැන්ම ආදරය ගැන හිතන්නේ නැ කියලත් ඇය කියනවා. මොකද බැඳීම්වලට හිර වුණාම ඇයගේ අරමුණට යන්න අමාරු නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *