හුදෙකලාවත් එක්තරා කලාවක්, මටම කියලා පවුලක් නැති වුනාට දුකක් අදෝනාවක් නැතුව සතුටින් ජීවත් වෙනවා-මාලි ජයවීරගේ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කොලම්කුට්ටම සහ අක්ෂි කියන ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි මාලි ජයවීරගේ කියලා කියන්නේ. ඒ වගේම පුන්තිලා, කුස පබාවතී, ඔත්තුකාරයා, උත්තමාවී, ලෝරන්ස්ගේ මනමාලි, කපුවා කපෝති, ලෝකය තනි යායක් වැනි වේදිකා නාට්‍ය රැසකින් ප්‍රතිභාව විදහා දැක්වූ ඇය පසුගිය දිනක විකාශය වූ චලෝ ටෙලිනාට්‍යයේ සීතා ටීචර්ගේ චරිතය හරහාත් බොහෝ රසික ප්‍රතිචාර ලබා ගත්තා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය හැමදාම ජීවිතේ හරිම සතුටින් සැනසීමෙන් ගත කරන කෙනෙක් කියලයි ඇය කියන්නේඒ නිසාම ඇයගේ ජීවිතේ දුක් අඳෝනා නෑ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ අම්මා තාත්තා නැතිවුණ දුක වේදනාව විතරයිලු ඇයට තිබෙන්නේ. ඉතින් දුකක් වේදනාවක් නැතිව සතුටින් සැනසීමෙන් ජීවිතේ ගෙවනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ කළා ජීවිතේ මූලාරම්භය වේදිකාව නිසා තවමත් ඇය මුල්තැන ලබාදෙන්නේ වේදිකාවටලු. කොහොම නමුත් වේදිකාව තුළ අසීමිත දුක් විඳින්න ඕනි, කැපකිරීම් කරන්න ඕනි වුණත් සල්ලි ලැබෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. නමුත් ඒ ලැබෙන සුන්දර අත්දැකීම් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ කියලයි මාලි නම් කියන්නේ.

ඒ වගේම මේ වනවිට ඇය රංගනයෙන් දායක වූ කලා නිර්මාණ දළ වශයෙන් ගත්තොත් වේදිකා නාට්‍ය 25ක් 30ක්, ටෙලිනාට්‍ය 20ක් විතර සහ සිනමා නිර්මාණ නම් 5ක් 6ක් වගේ තිබෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයට ජීවිතේ බලාපොරොත්තු නැහැ කියලයි මාලි නම් කියන්නේ. ඇය ජීවත්විය යුතු නිසා ජීවත්වන කෙනෙක්. ඉතින් විවිධ ඉලක්ක අභියෝග ළඟාකරගත යුතුයි කියලා ඇය හිතන්නෙ නැහැලු. ඒ නිසා ඇයට ඕනි මේ ඉන්න විධියටම නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කියලත් ඇය කියනවා.

ඒ වගේම හුදෙකලාවත් එක්තරා කලාවක් කියලයි ඇය කියන්නේ. නමුත් ඇය එහෙම හුදෙකලාවෙන් ජීවත්වෙන කෙනෙක් නෙමෙයිලු. මොකද ඇයට කිසිම වෙලාවක හුදෙකලාවක් දැනෙන්නේ නැත්තේ ඇයටම කියල පවුලක් නැති වුණාට ඇයගේ සහෝදරයාගේ ආදරය, ඒ දරුවන්ගේ ආදරය, අසල්වාසීන්ගේ, හිතමිතුරන්ගේ, රංගන ක්ෂේත්රයේ අයගෙන් ලැබෙන අසීමිත ආදරය වැනි ආදර වළලු ගොඩක් මා වටා තිබීම නිසා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.