Watapita

Just another WordPress site

හැමෝටම ප්‍රසිද්ද වෙන්න පුළුවන් වුනාට ජනප්‍රිය වෙන්න අමාරුයි, වැටුණු තැනින් නැගිටින්න අම්මා මට කියලා දීලා තියෙනවා-මනීෂා චංචලා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියලා කියන්නේ. ඉතින් දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලියෙන් ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය පහුගිය කාලයේ අතිශය ජනප්‍රිය වුනේ ඇය රංගනයෙන් දායක වුනු ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතය නිසයි.

ඒ වගේම ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය සිඳු ටෙලි නාට්‍යයෙන් පස්සේ නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුනත් ඇය නිර්මාණ භාර ගන්නෙම නැතිව සිටි කාලයකුත් තිබුණා කියලයි මනීෂා කියන්නේ. මොකද ඇය රංගන කටයුතු පොඩ්ඩක් පැත්තකින් තියලා ගායන විශාරද විභාගයට සූදානම් වුන නිසා.

ඒ වගේම පහුගිය දවස්වල තෙරුණිට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් ඕනෑම කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වුනාට ජනයාට ප්‍රිය වෙන්න අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ජනප්‍රිය කියන දේ හැමදාම එකම විදියට තියෙන්නේ නෑ කියලත් ඇය කියනවා. මොකද කාලෙන් කාලෙට ජනප්‍රියත්වය කියන දේ අඩු වැඩි වෙන නිසා. හැබැයි තාමත් තෙරුණිගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි කියලයි ඇය කියන්නේ. මොකද ඇය වෙනස් චරිත කොච්චර රඟපෑවත් ගොඩක් අය තාමත් ඇයව අඳුනන්නේ සිඳු නාට්‍යයේ තෙරුණි කියලා නිසා.

ඒ වගේම ඇය ජීවිතේ ගැන සංකීර්ණ විදිහට හිතන්න කැමති කෙනෙක් නෙමෙයි කියලත් මනීෂා කියනවා. නමුත් හැමෝටම පොදු හීන ටිකක් ඇයටත් තියෙනවාලු. ඉතින් ඇය මහන්සි වෙන්නේ ඇයගේ ඉලක්කයට යන්න කියලයි ඇය කියන්නේ. ඉතින් මේ ගෙවන්නෙත් හැමෝටම අමාරු කාලයක් නිසා හීන මිය ගිය පරම්පරාවක ජීවත් වෙන හීන දිනන පළවෙනි පරම්පරාව අපි විය යුතුයි කියලත් ඇය කියනවා. ඒ වගේම මේක රට දාලා යන්න ඕන කාලයක් නෙමෙයි නිසා අමාරුවෙන් අපි හැමෝම එකතු වෙලා නැගිටින්න ඕන කාලයක් කියලයි ඇය නම් කියන්නේ. ඉතින් තරුණියක් විදිහට වැටුණු තැනින් නැගිටීමේ ශක්තිය ඇයගේ අම්මා ඇයට දීලා තියෙනවා වගේම සමාජය ඇතුළෙ ශක්තිමත්ම කෙනා ගැහැනිය කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *