මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්න, දුප්පත්කම නිසා ඒ හීනය මඟහැරුණා-මනෙජ් සංජය
පණට නමක්, පොරොන්දුවක්, උපමාවක්, ජෝඩු කරගෙනා, මනාලයි, සසර බැඳීමක් වැනි ගීත ගායන කරමින් අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටින දක්ෂ ජනප්‍රිය මෙන්ම නව පරපුරේ ගායන ශිල්පියෙක් තමයි මනෙජ් සංජය කියලා කියන්නේ. ඉතින් රියැලිටි වේදිකාව හරහා ක්ෂේත්‍රයට පිවිසි ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් හිරු ස්ටාර් වේදිකාවට එන්න කලින් ඔහු හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට ගීත ගැයුවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම කලාකරුවෙක් වීමේ ආසාව හිතේ තිබ්බ නිසා තමයිලු ඔහු හිරු ස්ටාර් වේදිකාවට ගියේ. ඉතින් එතැනින් ඔහුගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවා කියලත් මනෙජ් කියනවා. ඒ වගේම ඔහු දැන් කළා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතක් පමණ වෙනවා. ඒ හතෙන් අවුරුදු පහක්ම ඔහු උත්සහ කාලේ ඔහුගේ ගමන හදාගන්න කියලයි මනෙජ් කියන්නේ. ඒ වගේම ඔහු රියැලටි තරග අටකට විතර ගිහින් තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් මුල් කාලේ වෙච්ච අඩුපාඩු හදාගෙන ටික ටික, වැටි වැටි, අත් නොහැර ඉස්සරහට ආවා කියලයි ඔහු කියන්නේ.

කොහොම නමුත් ඔහු පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්නලු. ඒ නිසාම උසස් පෙළ කරේ විද්‍යා අංශයෙන් කියලත් ඔහු කියනවා. නමුත් ඒ කාලේ ඔහුගේ පවුලේ තිබුණු ආර්ථික තත්වය එක්ක ඔහුට ඒ හීනයට යන්න බැරි එඋන නිසා ඒකත් එක්ක ජිවිතේ කඩාවැටීම් කිහිපයකට ලක් වුණා කියලත් ඔහු කියනවා. නමුත් ඔහු ඔහුගේ ගමන අත් හරින්නේ නැතිව ඊට පස්සේ තමයිලු සංගීතය පැත්තෙන් ඉස්සරහට එන්න පටන් ගත්තේ.

ඒ වගේම වෛද්‍යවරයෙක් වුණා නම් මිනිසුන්ගේ ලෙඩ හොඳ කරනවා කියන එක වෘත්තියක් වගේම ලොකු පිනක් කියලයි ඔහු කියන්නේ. ඉතින් සංගීතයෙන් මනුස්සයෙක් පිනවන්න වගේම මනස සුවපත් කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා. මොකද සංගීතය කියන්නෙත් මනස සුවපත් කරන ඔසුවක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු බින්දුවටත් පහළින් හිටිය කෙනෙක් කියලත් මනෙජ් කියනවා. ඉතින් අද ඔහු යමක් තැනක ඉන්නවා නම් ඒ ඔහුට ආදරේ කරපු ප්‍රේක්ෂකයින් ලබා දුන්නු වෝට් එක නිසා කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම තමයිලු මාසෙකට වතාවක් කාට හෝ උදව්වක් අවශ්‍යය කෙනෙක්ට උදව්වක් කරන්නේ. ඉතින් ඔහුව මේ තරම් දුර ගෙනාවාට හැමදෙනාටම ගොඩක් ස්තුතියි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.