මගේ වයිෆ් ප්‍රෙග්නට් කියලා දැනගත්තම මම උඩ පැන පැන කෑ ගැහුවා, දරුවාව මුලින්ම අතට ගත්තම ඇස් වලට කඳුළු ආවා-මනෙජ් සංජය
දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි මනෙජ් සංජය කියලා කියන්නේ. ඉතින් නව පරපුර නියෝජනය කරන ඔහු විසින් ගායන කල මනාලයි, පණට නමක්, උපමාවක්, පොරොන්දුවක්, සසර බැඳීමක් වැනි ගීත අදටත් ඉතාම ජනප්‍රියයි. කොහොම නමුත් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන ඔහු පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු දැන් තාත්තා කෙනෙක් වේලා අවුරුද්දක් වෙන්නත් ලඟයි කිය්ලයින් මනෙජ් කියන්නේ. මොකද ඔහුගේ දරුවා මෙලොව එලිය දැකලා තියෙන්නේ ගිය අවුරුද්දේ මාර්තු 2. ඉතින් ඕනෑම පිරිමියෙක් බලාපොරොත්තු වෙන හරි ආදරේ තමන්ට ලැබුනම මේක මගේම කරගන්න ඕන කමක් එනවා කියලත් ඔහු කියනවා. ඉතින් එහෙම වුනාට පස්සේ තමයිලු පිරිමියෙක් කසාද බඳින්න තීරණය කරන්නේ. ඉතින් ඔහු විවාහ වෙලා දැන් අවුරුදු 2ක් වෙනවා කියලත් මනෙජ් කියනවා.

ඒ වගේම ඔහු තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා මුලින්ම අහපු වෙලාවේ දැනුන සතුට අදටත් හිතා ගන්න බැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුගේ බිරිඳ පාන්දර 5ට විතරලු ප්‍රෙග්නන්සි ටෙස්ට් එක ගෙනත් පෙන්නුවේ. ඒ වගේම ඒ වෙලාවේ දැනුන සතුටට ඔහුට උඩ පැනුනා කියලත් මනෙජ් කියනවා. ඒ වගේම එදා දවස ඔහුට කවදාවත් ජීවිතේට අමතක වෙන්නේ නැති දවසක් කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම මුලින්ම තාත්තා කෙනෙක් වෙන කෙනෙක් ඒ අත්දැකීම විඳලම බලන්න ඕනේ කියලත් මනෙජ් කියනවා. ඒත් එක්කම ලෝකේ තියෙන ලොකුම වේදනාව, ලොකුම ආදරය විඳින්නේ කාන්තාවක් අම්මා කෙනෙක් වෙන වෙලාවට කියලා කතාවක් තියෙනවානේ. නමුත් ඔහුට පිරිමියෙක් විදිහට එදා ලඟින් ඉන්න බැරි වුණා කියලයි මෙන්ජ් කියන්නේ. මොකද ඔහුගේ රැකියාව නිසා. කොහොම නමුත් තමන්ගේ ලෙයින් හැදුනු දරුවා මුලින්ම අතට ගත්ත වෙලාවේ ඔහුට ඒ වෙලේ ඇඩුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.