Watapita

Just another WordPress site

මම දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනක්, ඒ නිසා මෙගා ටෙලිනාට්‍ය වලට සම්බන්ධවෙන්න මම කැමති නැහැ-මංජුලා කුමාරි

මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් තිරගත වන ලලිත් රෝහිත එදිරිසිංහගේ කුළුදුල් සිනමා සිත්තම වන ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ සිනමා නිර්මාණය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි මංජුලා කුමාරි කියලා කියන්නේ. කොහොම නමුත් අදටත් ඇයව බොහෝ දෙනෙක් හදුනන්නේ ඕලු කියලා කිවුවාමයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ රංගනයට ඉතා හොඳ ප්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ නිර්මාණය තිරගතවීම ආරම්භ කරලා තවම සතියක් වගේ වුනත් ඒ කාලය ඇතුළත බොහෝ පිරිසක් මෙය නරඹලා තියෙනවා සහ නරඹනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයත් බොහොම කැමැත්තෙන් රංගනයෙන් දායක වුණු නිර්මාණයක් තමයි මේ. ඒ වගේම සුන්දර පාසල් කාලය තේමා කර ගනිමින් සොබාදහමත් එක්ක ඒ අසිරිය විඳිමින් දරුවොත් එක්ක ලස්සනට කෙරුණු වැඩක් නිසා පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේ තුළ ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මේ නිර්මාණය තිරගත වෙන ඒ පැය දෙක තුළ බොහොම ලස්සන සුන්දර පරිසරයක් දකින්න ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් ගැමි පරිසරය කොහොමත් මොකද ඇයට සුපුරුදුයි වගේම ඇය රංගනයෙන් දායක වුණු චරිත කිහිපයක්ම කෙරුණෙ ගම හරහා කියලයි ඇය කියන්නේ. විශේෂයෙන්ම ඕළු නාට්‍යය. ඉතින් ඒ නිර්මාණ තුළ ඇය අත්දැකපු, අත්විඳි සුන්දරත්වය මේ සිනමා නිර්මාණය තුළිනුත් වින්දා කියලත් ඇය කියනවා. ඒ වගේම ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ රූගත කිරීම් එක්කම වගේ ‘රන්කොල්ලා’ සිනමා නිර්මාණය වෙනුවෙනුත් ඇය රංගනයෙන් සම්බන්ධ වුණාලු. ඉතින් ඒ නිර්මාණය මීට පෙර තිරගත වුණා. ඒ වගේම ඒ නිර්මාණයත් ගැමි පරිසරයක පුංචි දරුවෙක් වටා ගෙතුණු කතාවක්.

ඒ වගේම ඇය ලඟදි නිර්මාණ මුකුත් භාරගත්තේ නැහැලු. මොකද විශේෂ හේතුව නිර්මාණ කෙරෙන්නෙ මෙගා ටෙලිනාට්‍ය නිසා. ඉතින් ඒ තුළ කොටස් දාහ, දෙදාහ වශයෙන් සිදුකෙරෙන්න හින්දා ඒ එතරම් කාලයක් ගතකරන්න ඇයට හැකියාවක් නැහැ කියලත් මංජුලා කියනවා. මොකද ඇයට දරුවො දෙන්නෙක් ඉන්න නිසා. ඉතින් පුතාට අවුරුදු 7 ක් සහ දුවට අවුරුදු 4 ක් වෙන නිසා ඇය දැන් ඒ දෙන්නා එක්ක කාලය ගත කරන්න තමයිලු ගොඩක් කැමැති. ඒ නිසා අඩු කාලයක් වැයවෙන නිර්මාණවලට සම්බන්ධවෙන්න හිතාගෙන ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *