Watapita

Just another WordPress site

අපි ආදරය කරලා විවාහ වුනාට විවාහයෙන් පස්සේ තමයි ආදරේ වැඩි වුනේ, මගේ පළමු ආදරය තමයි ඔහු-මාෂි සිරිවර්ධන

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ වන මාෂි සිරිවර්ධන කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ඉදිරියේදී තිරගත වීමට නියමිත යුගාත්‍රා සිනමා නිර්මාණය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි. කොහොම නමුත් පුබුදු මාෂි ආදරණීය කළා යුවල විවාහ වෙලා දැන් අවුරුදු 5කුත් ගෙවී ගොස් අවසන්. ඉතින් පහුගිය දවසක 5වෙනි විවාහ සංවත්සරය සමරපු ඔවුන් දැන් ගෙවන ආදරණීය ජීවිතය ගැන වගේම ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැනත් මාෂි සිරිවර්ධන පහුගිය දවසක පුවත්පතකට පවසලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දැන් ඔවුන් විවාහ වෙලා වසර පහක් වුනත් විවාහ ජීවිතේ පටන් ගත්තටත් වඩා සුන්දරව අදටත් ගෙවමින් ඉන්නවා කියලයි මාෂි නම් කියන්නේ. ඒ වගේම වසර පහක් ‍එකට ගෙව්වද කියලා දැනුණෙවත් නෑ කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඔවුන් ආදරය කරලා විවාහ වුණාට විවාහයෙන් පස්සේ තමයිලු ඔවුන් අතර තියෙන බැඳීම වැඩි වුණේ. ඉතින් දෙන්නගේ ආදරේ අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙනවා වගේ තමයි දැනෙනවා කියලයි මාෂි කියන්නේ. මොකද ඔවුන්ගේ ආදරේ එන්න එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැති නිසා.

ඒ වගේම විවාහයට කලින්ට වඩා දැන් තමයිලු දෙන්නම ආදරය කරන්නේ. ඉතින් විවාහ වුණාට පස්සේ දැනෙන ආදරය කලින් ආදරයට වඩා වෙනස් කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඇයට ඉස්සරටත් වඩා මහ මෙරක් ආදරය ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම විවාහ වුණාට පස්සේ ඔවුන් දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න ගත්ත නිසා නිදහසේ ඔවුන්ගේ ජීවිතේ විඳින්න දෙන්නට පුළුවන් වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය පාසල් යන කාලේ ගොඩක් පිරිමි ළමයි යාළු වෙන්න ආවා වුනත් ඇය ඒ කාටවත් කැමති වුනේ නැහැලු. ඉතින් පුබුදු කියන්නේ ඇයගේ පළවෙනි ආදරය කියලයි මාෂි කියන්නේ. ඒ වගේම පුබුදුට නම් ආදර සම්බන්ධතා කලින් තිබිලා තියෙනවා වුනත් ඇයගේ පළවෙනි තේරීම එයා නිසා ඒ තේරීම හරියටම හරි ගියා කියලත් ඇය කියනවා. ඉතින් දැන් ජීවත් වෙන කාලෙ‍ට ඇය ගොඩක් ආසයිලු. මොකද දැන් ඇය ජීවිතේ නිදහස විඳින නිසා. ඒ වගේම බිරියක් විදිහට ගෙ‍වන ජීවිතේ ගොඩක් ආසාවෙන් ගෙවනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *