මගේ පුතානම් කැමති අම්මා කෑල්ල වගේ ඉන්නවාට, බිරිඳ ලස්සන නැති වුනාම හස්බන්ඩ් පිට යන එක සාමන්‍යයි-මේදා ජයරත්න
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේදා ජයරත්න කියලා කියන්නේ. ඒ වගේම ඇය දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සැමියයි දරුවන් දෙන්නයි එක්ක ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය මවක් වීම ගැන ඇයට දැනෙන හැඟීම ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය විවාහ වුනේ ඇයට වයස අවුරුදු 24දී කියලයි ඇය කියන්නේ. ඒ වගේම අම්මා කියන හැඟීම ඇයට හරියටම දැනෙන්න ගත්තේ දරුවාව අතට ගත්තට පස්සේ කියලත් ඇය කියනවා. හැබැයි දරුවා කුසට ආපු දවසේ ඉදන්ම ඇය ගොඩක් පරිස්සම් වුනාලු. ඒ වගේම ඇයට ලොකු බයක් තිබුණාලු සාමාන්‍ය විදිහට දරුවාව බිහි කරන්න. ඒ නිසාම ඇය ඇයගේ වෛද්‍යවාරයත් එක්ක කලින් ඉදන්ම කතා කරගෙන හිටියේ සිසේරියන් සැත්කමින් දරුවාව මේ ලෝකෙට බිහි කරන්න කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේ ලොකු පුතා හම්බවෙද්දී ඇයට ගොඩක් අමාරු වුණා කියලත් මේදා කියනවා.

ඒ වගේම වෙන රටවල් වලට සිංගල් මාම් කියන සංකල්පය ගැලපුනාට දැන් ලංකාවේ තියන ආර්ථික තත්වයත් එක්ක ලංකාවේ අම්මා කෙනෙකුට තනියම දරුවෙක් හදා වඩා ගන්න අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම දරුවෙක් එක්ක තනිවුනු මවක් දිහා අපේ රටේ සමාජය බලන්නෙත් හරි අමුතු විදිහට කියලත් ඇය කියනවා. හැබැයි පවුලේ ඇතුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් ගහ මරාගෙන දරුවා නිසා විතරක් දෙන්නෙක් එක ගෙදර ඉන්නවට වඩා විවාහයෙන් වෙන් වෙන එක හොදයි කියලයි මේදා නම් කියන්නේ.

ඒ වගේම ඇයගේ පුතාට දැන් අවුරුදු 19යි ලු. ඉතින් පුතා කැමති අම්මා කෑල්ල වගේ ඉන්නවාට කියලත් ඇය කියනවා. ඉතින් දරුවෝ වුනත් අම්මා ලස්සනට ඉන්නවාට ආසයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම බිරිඳ ලස්සනට හිටියේ නැත්තන් හස්බන්ඩ් පිට යන එකත් සාමාන්‍ය දෙයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.