Watapita

Just another WordPress site

මගේ සැමියා කියපු නිසයි මම රංගනයෙන් ඉවත් වුනේ, නමුත් අන්තිමට මට රංගනයයි ආදරෙයි දෙකම නැති වුණා-මේනකා මධුවන්ති

අපේ කළා ක්ෂේත්‍රය තුල සිටි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි මේනක මධුවන්ති කියලා කියන්නේ. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිර්නතරයෙන්ම කතා බහට ලක්වූ චරිතයක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. මොකද ඇය මොන විලාසිතාව කළත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට මඩ ප්‍රහාර එල්ල කළා. කොහොම නමුත් නිරන්තරයෙන්ම රූපවාහිනිය ඔස්සේ දැකගන්න ලැබුණු ඇය ආදරය නිසා කලා ජීවිතය කැප කරලා කලාවෙනුත් ඈත් වෙලා දුරු රටක ජීවත් වෙන්න ගියා. නමුත් දැන් ඇයට ආදරයත් අහිමි වෙලා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය දැන් ඉන්නේ ඩුබායිවල. ඒ වගේම ඇය මුලින්ම එහෙට ගියේ ඩිප්ලෝමා එකක් කරන්න වුනත් ඊට පස්සේ ඇයට හොඳ ඔෆර් එකක් ලැබුණා කියලයි මේනකා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඇයට හිතුණාලු ලංකාවට යනවට වඩා එහෙ නතර වෙලා ඒක කරන එක හොඳයි කියලා. ඒ වගේම දැන් එහෙ තියෙන සැලෝන් දෙකක ඇය කළමනාකාරිනියක් විදියට වැඩ කරනවා. ඉතින් දැන් ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි නිසා එහෙ වැඩ කටයුතු සතුටින් කරගෙන දවස ගෙවනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කළා නිර්මාණයකට අන්තිමට සම්බන්ධ වුණේ අවුරුදු තුනකට විතර කලින් කියලත් මේනකා කියනවා.

කොහොම නමුත් ඇයට ප්‍රේම සම්බන්ධතාවක් තිබ්බාලු අවුරුදු හතරක. ඉතින් ඔහු කැමති වුණේ නැහැලු ඇය රඟපානවට. ඒ නිසා ඇය රංගනයෙන් ඉවත් වුණා කියලයි ඇය කියන්නේ. ඒ ආදරේට ගරු කිරිමක් විදිහට. ඒ වගේම ඇයගේ ප්‍රේමය අතරමඟදී නතර වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඔහු ඇයට අවස්ථා කිහිපයකදීම බොරු කරලා අහුවෙලා තියෙනවාලු. ඒ වගේම ඇය සැහෙන්න සමාව දුන්නත් ඔහු වෙනස් වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහු නිසා අවසානයේදී ඇය රංගනයෙනුත් ඉවත් වුනත් අන්තිමට ඒ ආදරෙත් අහිමි වුණා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඒ ආදරේ වෙනුවෙන් ඇය බොහෝ කැපකිරිම් කළා කියලයි ඇය කියන්නේ. රට එන්න ප්‍රධාන හේතුවත් ඒකම තමයිලු.

නමුත් ඔහු අහිමි වුණාට පස්සේ ඇය සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වගේම දැන් තමයිලු ඇය සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලේ ඇය ලොකු මානසික පීඩනයකින් හිටියත් දැන් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඒ ආදරෙන් කොච්චර දුක් විඳින්න වුණාද කියලා කිව්වොත් ඇය ආයෙ ආදරේ කරන්න හිතෙන්නේ නැති තරම් බයක් හිතට දැනෙනවා කියලත් ඇය කියනවා. ඉතින් දැන් කවුරු හරි ආදරෙයි කියල කිව්වොත් එයාලත් ඇයව රවටයි බොරු කරයි ඇයට දුක් විඳින්නවෙයි කියලා හිතෙනවාලු.

ඒ වගේම ඇය රඟපෑම වගේම නර්තනයටත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඇය කලාවට සම්බන්ධ වෙන්නෙ අවුරුදු විසි එකේදි. ඒ නිසාම ලොකු කාලයක් කලාවත් එක්ක ඉඳලා ඒකෙන් ඈත් වෙච්ච එක ගැන දුකක් නැහැ කියන්න බැහැ කියලයි ඇය කියන්නේ. නමුත් ආදරෙත් එක්ක පෞද්ගලික ජීවිතේ හදාගන්න ඕන නිසා ඇය රංගනයට සමු දුන්නා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *