Watapita

Just another WordPress site

නුවරඑළියේ දුප්පත් අහිංසක දරුවන් 250කට මම මගේ පඩියෙන් ලක්ෂ හයක සපත්තු අරගෙන දුන්නා-මිෂෙල් දිල්හාරා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කාසි ටෙලිනාට්‍යයේ සාගරිකාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ. ඒ වගේම ඇය සමාජ සේවිකාවක් විදිහටත් අපේ රටේ ඉතාම ජනප්‍රියයි. ඉතින් පහුගිය දවසක ඇය රංගනයෙන් උපයාගන්න මුදලින් කරපු තවත් ප්‍රජා සේවාවක් ගැන තමයි අපි මේ විදිහට කියන්න යන්නේ. ඉතින් ඇත්තටම මුළු රටම ආර්ථික ප්‍රශ්නයකින් මිරිකෙන වෙලාවක ඇය කරපු මේ හොඳ වැඩේ ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල නාට්‍යවල රූගත කිරීම් කරගෙන යනවා වගේම ඒ ඇරුණහම පරිසර හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් සහ සමාජ සේවා වැඩ කිහිපයක් කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පහුගිය දවස් ටිකේ අත්‍යවශ්‍ය පාසල් දරුවන් 250 කට අවශ්‍ය පාසල් සපත්තු ලබා දෙන ව්‍යාපෘතියක් සිදුකළා කියලත් ඇය කියනවා. ඉතින් අද වෙනකොට මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් පසුව ආර්ථික වශයෙන් දරුණු කඩා වැටීමකට ලක් වෙලා තියෙන නිසා ඒ කඩාවැටීම ලංකාවටත් විශාල ලෙස පසුගිය කාලයේ බලපෑවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ළඟදී ඇයට නුවරඑළියේ රූගත කිරීමකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ යනකොට ගොඩක් වහින වෙලාවක ඒ වැස්ස අතරේ පොඩි ළමයි ටිකක් ඇයගේ වාහනයට අත දැම්මාලු. ඉතින් ඒගොල්ලොන්ගේ ඉල්ලීම වුණේ කිලෝමීටර් දෙකක් විතර දුරක් ගෙනිහින් බස්සන්න කියලාලු. ඒ වගේම ළමයි ටික ඇයගෙ වාහනයට නැග්ගාට පස්සේ ඇය දැකලා තියෙනවා සමහර අයගෙ කකුල්වල සෙරෙප්පුත් නෑ වගේම සමහර අය සපත්තු වෙනුවට සෙරෙප්පු දාගෙන ඉන්නවා.

ඉතින් ඇය ඒ වෙලාවේ කල්පනා කරළා තියෙනවා කොහොමද මෙයාලා කිලෝමීටර් ගාණක් මෙහෙම හැමදාම යන්නේ එන්නේ කියලා. ඒ වගේම ඇය එයාලව බස්සන්න ගියාම තමා දැකලා තියෙන්නේ ෆැක්ටරියක වැඩ කරන දෙමාපියන්ගේ දරුවන් කියලා. ඉතින් ඒ දරුවන්ගේ දෙමාපියෝත් එක්ක කතා කරද්දි තමයිලු ඇයට තේරුණේ අලුතින් ඉස්කෝලේ යන ළමයි දාන්න ඕන සපත්තු ගණන් වැඩි වෙලා නිසා ගන්න අමාරු වෙලා තියෙනවා කියලා. මොකද රුපියල් නවසීය ගාණකට තිබ්බ සපත්තු අද වෙනකොට රු. 2500ක් 3500ක් අතර මිලකට ඉහළ ගිහිල්ලා. ඒ නිසා මේ දරුවන්ගේ දෙමාපියන්ට අද කාලේ සපත්තු දෙකක් අරන් දෙන්න බැරිවෙලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඒත් එක්කම සමහර ළමයි මේ දුෂ්කර බව නිසා ඉස්කෝලේ නොයා දෙමාපියන් එක්ක කුලී වැඩ කරන්නත්, ෆැක්ටරිවල වැඩට යන්නත් පෙළැඹිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට එතකොට හිතුනාලු මේ ළමයි අතරේ නේද ඊළඟ වෛද්‍යවරයා, ඊළඟ ඉංජිනේරුවරයා, ඊළඟ විද්‍යාඥ්‍යා සහ මේ රටට අත්‍යවශ්‍ය බුද්ධිමත් ශ්‍රමබලකාය ඉන්නේ කියලා. ඒ නිසාම ඇය උත්සාහ කරළා තියෙනවා ආර්ථික අපහසුතාවට පත් වෙලා ඉන්න අයට ඇයට පුළුවන් විදිහට ඇයට ලැබෙන ආදායමෙන් යම්කිසි දෙයක් කරන්න ඕනෑ කියලා.

ඒ වගේම ඇයට රංගන ක්‍ෂේත්‍රය ගොඩනගා ගන්න උදව් කරපු හැම කෙනෙකුම අද වෙනකොට තුන් වේල හරියට පිරිමසා ගන්න බැරි අවස්ථාවක ඇය විතරක් ඇයගෙ රැකියාවෙන් ලැබෙන මුදලින් ජීවත් වීම වැරදි කියලා ඇයට හිතෙනවා කියලයි මිෂෙල් කියන්නේ. ඒ නිසා රංගනයෙන් ඇයට යම්කිසි මුදලක් ලැබෙනවා නම් ඇය විශ්වාස කරනවාලු ඒ මුදල මේ කියපු හැම කොට්ඨාසයකටම අයිතියි කියලා. මොකද ඇය රඟපාපු නාට්‍ය බලන්න පිරිසක් නැති වුණොත් ඇය අමාරුවෙන් ගොඩනගා ගත්ත මේ වෘත්තීය ඉබේම දියවෙලා යනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *