මම චරිතයක් භාරගත්තම ඒ තුලම ජීවත් වෙන කෙනෙක්, සුදු ඇදගෙන කළු ඇවිදින් තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය-මිෂෙල් දිල්හාරා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කාසි’ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ. ඒ වගේම ඇය සමාජ සේවිකාවක් විදිහටත් අපේ රටේ ඉතාම ජනප්‍රියයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් නිර්මාණයක් තුළ ඇය සාමාන්‍යයෙන් චරිතයක් ගන්න කලින් එහි අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා ඒ චරිත සහ ඒ තුළ ඇති මනඃකල්පිත ස්වභාවයන් සියල්ල සාකච්ඡා කරගෙන තමයිලු ඇය රංගනයට පිවිසෙන්නේ. ඒ වගේම එම චරිතය කරද්දී අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන ඒ චරිතයට අවශ්‍ය වන හැඟීම් සියල්ල ගැන කතාබහ කරනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය කොහොමත් චරිතයක් නිරූපනය කරද්දී ඒ නිරූපනයට පෙර එහි චරිත ස්වභාවය ගැන අධ්‍යයනයක් කරනවාලු.

ඒ වගේම ඒ චරිතය රූගත කිරීම් ආරම්භ කළාම ඒ ආරම්භයේ සිට අවසානය දක්වාම ඉන්න ඒ චරිතය එක්ක තමයිලු ඇය ඉන්නේ. හැබැයි එතැනින් එළියට ගියාම සාමාන්‍ය මිෂෙල් දිල්හාරාම තමයි කියලත් ඇය කියනවා. ඒ නිසා දර්ශන තලය තුළ පමණයිලු ඇය රංගන චරිතයේ ජීවත් වෙන්නේ. ඒ වගේම ඇය කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් 7ක විතර වගේ වෙනවා. ඉතින් ඒ කාලය තුළ ඇයට අවස්ථාව ලැබිලා තියෙනවා විවිධාකාර විදියෙ චරිත වලට රංගනයෙන් දායක වෙන්න.
ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ දක්ෂ අධ්‍යක්ෂවරු සහ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම මේ කාලය තුළ ඇයට ලැබිලා තියෙන දේවල් ගැන අවංකවම සතුටු වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය කැමති එකම විදියෙ චරිත රංගනයන්ට සීමා නොවි විවිධ රංගන පරාසයන්වලට ගිහින් සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන නිර්මාණ සහ චරිතවලට සම්බන්ධ වෙන්නලු.

ඒ වගේම ඇයට මුලින්ම සුදු ඇඳගෙන කලු ඇවිදින් නිර්මාණය තුළින් තමයි සම්මානයට පාත්‍රවෙන්නට ලැබුණේ. ඉතින් රයිගම්, සුමති සහ රාජ්‍ය සම්මාන උළෙලවල ඒ නිර්මාණය හරහා හොඳම නැගී එන නිළිය සම්මානය ලබා ගන්න හැකි වුණා කියලයි ඇය කියන්නේ. ඉන් අනතුරුව ඇය හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුණා. ඒ ‘කැන් යූ හියර් මී’ නිර්මාණය තුළින්. ඒ වගේම ඇය සුමති සම්මාන උළෙල තුළ ඒ වගේම හොඳම සහය නිළියට දෙවරක් නිර්දේශ වෙලත් තියෙනවා.

ඒ වගේම ඇය වෘත්තිය විදියට රංගන ක්ෂේත්‍රයේ තමයි මේ වෙද්දි රැඳිලා ඉන්නේ. ඊට අමතරව Earth Day Network ආයතනයේ ශ්‍රී ලංකා තානාපති ධුරයත් ඇයට ලැබිලා තියෙනවා. ඉතින් ඒ තුළින් ඇයට අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාල සහ පාසල් මට්ටමින් පරිසරය හා සම්බන්ධ සමාජ සේවා ව්‍යාපෘති කරගෙන යන්න. අද වෙද්දී ඇය විශ්වවිද්‍යාල 11ක් එක්ක එකතුවෙලා ඒ වැඩ සටහන් කරගෙන යනවා. ඉතින් මේ වෙද්දී වැඩසටහන් 250කට අධික සංඛ්‍යාවක් වගේ කරලා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ දේවල් එක්ක ඇය සමාජ සේවා වැඩකටයුතුත් රංගනයත් එක්කම කරගෙන යනවා කියලයි මිෂෙල් අවසාන වශයෙන් පවසලා තිබුනේ.