ළමයෙක් ඉඳලත් මම තාමත් ලස්සනට ඉන්නේ ගොඩක් වතුර බොන නිසා, මම රඟපාන්නේ විනෝදාංශයක් විදිහට-නදී ගයත්‍රී
වෙළඳ දැන්වීම් හරහා මෙන්ම මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නදී ගයත්‍රී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වලත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහ විෂුවල් කිහිපයකට දායක වෙලා ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේක ඇයගේ වෘත්තිය නෙවෙයි නිසා ඇය මේක කරන්නේ ඇයගේ විනෝදාංශය විදිහට කියලත් නදී කියනවා. ඒ වගේම තමයි ඇය ගොඩක් තෝරල බේරල තමයි නිර්මාණ භාරගන්නෙත්. ඒක නිසා ලොකු කාර්යබහුලත්වයක් නම් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට ලැබෙන දේවල් සාමාන්‍ය විදිහට කරගෙන අතර ඇය දහම් පාසල් ගුරුවරියක් විදියටත් සේවය කරනවා. ඒ වගේම ඇය 2010 දී රූපවාහිනී වෙබ් කුමරිය බවට පත්වෙනවා. ඉතින් ඒ පටන් ගත්තු ගමන මිස් වර්ල්ඩ් 2020 ටොප් 20 වෙනකම්ම ඇය එනවා. ඒ ගමන ගැන කියද්දී ඒක ගොඩක් හෙමින් බාධක මැද්දේ ආපු ගමනක් කියලත් නදී කියනවා. හැබැයි තාම ඇය ඇයගේ ටාගට් එකට ඇවිල්ලා නැහැලු.

ඒ වගේම ඇය සුන්දර කාන්තාවක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඇය ගොඩක් වෙලාවට මුහුණට කරන සත්කාර වලට ස්වභාවික දේවල් තමයිලු යොදාගන්නේ. ඉතින් අභ්‍යන්තර සත්කාරය කියන දේත් ලස්සන වෙන්න අවශ්‍ය වෙනවා කියලත් ඇය කියනවා. ඒක නිසා ඇය නිතර කොළ කැඳ වගේම වතුරත් බොනවාලු. ඒ වගේම එළවළු, පලතුරු වගේ දේවල් කෑමට එකතු කරගන්න අමතක කරන්නේ නැහැ කියලත් ඇය කියනවා. හැබැයි ඇය ටිකක් කෑම පාලනය කරනවාලු. ඉතින් ගොඩක් අය ලස්සනට ඉන්න ආස නිසා ඒ විදියට තව කෙනෙක්ට ප්‍රිය මනාපව පිරිසිදුව ලස්සනට ඉන්න එක තමන්ට ගොඩක් වැදගත් දෙයක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයගේ ආදරණීය සැමියා තමයි නිශාන්ත සිරිවර්ධන. ඉතින් ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනියේ වැඩ කරනවා. ඒ වගේම ඔවුන් විවාහ වෙලා මේ වෙනකොට අවුරුදු හතක් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට දැන් අවුරුදු තුනහමාරක පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම තමයි ඔනාල්. කොහොම නමුත් ඇයගේ ආ ගමන ආපහු හැරිලා බලද්දි ඇය ගැන ආඩම්බරයක් සහ නිහතමානී සතුටක් තියෙනවා කියලයි නදී කියන්නේ. ඉතින් මේ වෙද්දී ඇය ළඟා කරගෙන තියෙන දේවල් එක්ක බලද්දි ඇයට ඇය ගැන දැනෙන්නේ ආඩම්බරයක් කියලත් ඇය කියනවා. මොකද ඇය අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ ගොඩක් මහන්සියෙන්, ලොකු කාලයක් කැප කරලා. ඒක නිසා ඇයට ඇය ගැන ආඩම්බරයි වගේම සතුටුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.