Watapita

Just another WordPress site

අපි විවාහ වෙලා දැන් අවුරුදු 18ක් වෙනවා, අපි යාළු වෙද්දී ඇයට අවුරුදු 13යි මට 19යි-ජනප්‍රිය ගායක නදීර නෝනිස්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි නදීර නෝනිස් කියලා කියන්නේ. ඒ වගේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක ඔක්ටපෑඩ් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කල ඔහු ඊට සමුදී ගායකයෙක් බවට පත් වුණා. ඉතින් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහුයි ඔහුගේ ආදරණීය බිරිඳ රංගාලියි විවාහ වෙලා මේ ඔක්තෝබර් 25ට අවුරුදු 18ක් සපිරෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඔවුන් දෙන්නා එකතුවෙලා යුග ගීතයක් ගායනා කරන්නලු ඉන්නේ. ඒ වගේම ඔහු මේ වෙද්දී ගීත පනහක් විතර කරලා තියෙනවා වුනත් ඔහු ගැයූ ගීත 15 ක් විතර අදටත් ජනප්‍රියයි කියලත් නදීර කියනවා. හැබැයි හැම ගීතයකටම වඩා ඔහුගේ පළමු ගීතය පුංචි සමනලී ගීතය තවම ජනප්‍රියයි.

ඒ වගේම ඔහු බිරිය කර ගන්නේ අවුරුදු 13න් ඔහුට ආදරේ හිතුණු පුංචි කෙල්ලව. ඉතින් ඔහුට මොකුත්ම නැති කාලේ තමයිලු ඇයව හමුවුණේ. එතකොට ඇයගේ වයස 13යි වගේම ඔහුට 19 යි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔවුන් දෙන්නා විවාහ වෙලා අමාරුවෙන් මේ ජීවිතේ ගොඩනඟාගත්තා කියලයි ඔහු කියන්නේ. ඒ කාලේ ඔවුන්ට තිබ්බේ බයිසිකලයක් වුනාට දැන් වාහන ගෙවල් හැමදේම තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් මුකුත් නැති කාලේ ඇය ඔහුගේ ළඟින් හිටියා නම් දැන් තියෙන කාලේ ඔහුට ඇය ළඟින් ඉන්න පුළුවන් වෙන්න ඕන කියලයි නදීර කියන්නේ.

ඒ වගේම හැමදේම තියෙද්දි ළං වුණු කෙනෙක් හැමදේම නැති වුණු දවසකට අයින් වෙන්න පුළුවන් වුනත් කවදාවත් ඔහුට එයාව එපා කියලා හිතිලා නැහැලු. ඒ වගේම කවදාවත් එහෙම හිතන්නෙත් නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු ඇයගේ පළමු පෙම්වතා වුනාට ඇය ඔහුගේ පළමු පෙම්වතිය නෙවෙයිලු. නමුත් ආදරේ කරද්දී දෙන්නම අවංක වුන නිසා අවුරුදු අටක් ආදරේ කරලා විවාහ වුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *