Watapita

Just another WordPress site

අනිත් අයට ඕන විදිහට ජීවත් වෙන්න ගියොත් තමන්ට කවදාවත් තමන්ගේ ජීවිතේ විදින්න වෙන්නේ නැහැ- නදීෂා හේමමාලි

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ ජීවනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් කාලෙකට පස්සේ පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය රංගනයෙන් දායක වෙන කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ ජීවනීගේ චරිතයට සමාන ඒ හා අත්දැකීම් තියෙන ඇතැම් අයව ඇයට ඇත්ත ජීවිතෙත් හමුවෙලා තියෙනවා කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ජීවත් වෙද්දී පුද්ගලයාගෙන් පුද්ගලයාට ජීවිතේ විවිධ අභියෝගවලට මුහුණ පාන්නට සිදුවෙනවා කියලත් නදීෂා කියනවා. ඉතින් මේ මුළු ජීවිතේම ජීවත් වෙනවා කියන්නෙම ලොකු අභියෝගයක් නිසා ජීවත් වෙනකොට සෑහෙන හැලහැප්පීම් වලට, අභියෝගවලට, මුහුණ දෙන්න සිද්ධවෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඒ දේවල්වලට නොබියව මුහුණ දෙන්න පුළුවන් නම් එතකොට කිසිම කෙනෙක්ට කිසිම කෙනකුගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලලා පරිස්සමින් ජීවත් වෙන්න පුළුවන් නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් වෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් අපි හැම වෙලාවෙම ශක්තිමත් වෙන්න ඕනෑ කියලත් නදීෂා කියනවා. මොකද අපි හැමෝම ජීවත් වෙන්නෙ තමන්ගේ ජීවිතේ ඇතුලේ නිසා අනෙක් අය කියන දේවල්වලට හැම වෙලාවෙම අපි ඇහුම්කන් දෙන්න ගියොත්, ඒ අය කියන දේවල්වලට බයේ ජීවත් වෙන්න ගියොත් තමන්ට කවදාවත් තමන්ගේ ජීවිතේ තමන්ට වුවමනා විදියට ජීවත් වෙන්න බැරිවෙනවා කියලයි නදීෂා නම් කියන්නේ. ඒ නිසා ඇය නම් කියන්නෙ තමන් කිසිම දේකට නොබියව, තමන් ශක්තිමත්ව නිවැරදි මනසින් ජීවිතයට මුහුණ දිය යුතුයි කියලයි.

ඒ වගේම කොඩි ගහ යට ජීවනී ගේ චරිතයට දැන් බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ගොඩක් දෙනා සතුටු වෙලා තියෙනවාලු ඇය කාලෙකට පස්සේ නිර්මාණයකට සම්බන්ධ වුණ එකට. ඉතින් එදත් අදත් වෙනසක් නැතිව තවමත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුවම ලැබෙනවා නිසා ඒ ලැබෙන ආදරේට ඇයත් හරිම ආදරෙයි කියලයි නදීෂා අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *