Watapita

Just another WordPress site

මම කවදාවත් පවුල් ජීවිතය නිසා සංගීතය අත්හරින්නේ නැහැ, ඒ වගේම විවාහය ගැන පසුතැවෙන්නෙත් නැහැ-නදිනි ප්‍රේමදාස

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි නදිනි ප්‍රේමදාස කියලා කියන්නේ. ඒ වගේම කලා ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි සමබරව සාර්ථකව පවත්වාගෙන යන ඇය මේ වනවිට විවාහ වෙලා ආදරණීය සැමියයි දරුවන් දෙන්නයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් රූපවාහිනි වැඩසටහන්වලට, සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වුනත් අවුරුදු පහළොවක් තිස්සේ එක දිගට වැඩ කරලා තියෙන මහන්සියත් එක්ක දැන් ටිකක් ප්‍රසංග තෝරා බේරාගෙන භාරගන්නවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මවු පදවියේ වගකීම් නැතුවම නෙවෙයි කියලත් ඇය කියනවා. ඉතින් ගොඩක් වෙලාවට වැඩක් කරද්දී කාලය කළමනාකරණය කරගන්න වෙනවාලු. ඒ වගේම ඇය පවුල් ජීවිතය නිසා කවදාවත් සංගීත ජීවිතය අත්හරින්නේ නැහැ කියලයි නදිනි කියන්නේ.

ඉතින් ඇය පුංචි කාලේ ඉඳලම සංගීතයට සම්බන්ධ වෙනවා වගේම සංගීතයට ආදරය කරන නිසා ඇය කවදාවත් පවුල් ජීවිතේ නිසා සංගීතය අත හරින්න හිතන කෙනෙකුත් නෙමෙයිලු. ඒ වගේම අතහරින්නේත් නෑ කියලත් ඇය කියනවා. හැබැයි එහෙම කියලා ඇය ඇයගේ පවුල් ජීවිතයට හානියක් කර ගන්නෙත් නැහැ කියලයි නදිනි කියන්නේ. ඉතින් මේ දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න තමයිලු ඇය උත්සාහ කරන්නේ. ඒත් එක්කම දරුවෝ ගැනත් වැඩිපුර බලන ගමන් එයාලා වෙනුවෙනුත් වැඩිපුර කාලයක් යොදනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ජනප්‍රියම කාලයේ තමයි ඇය විවාහ වුණේ. ඉතින් මේ අප්‍රේල් මාසයට අවුරුදු 12ක් වෙනවාලු විවාහ වෙලා. ඉතින් ඇය විවාහ වුණේ අවුරුදු 23 දී වුනත් මධුර කියන්නේ ගොඩක් හොඳ සැමියෙක් වගේම ඇයව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ නිසා ඇයට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැලු ඇයගේ හොඳම කාලේ විවාහ ජීවිතය නිසා මඟ හැරුණා කියලා. ඒ වගේම විවාහය පස්සට දැම්මා නම් සමහර විට ඇයට මධුරව මඟ ඇරෙන්න තිබ්බා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ඇය කවදාවත් විවාහය ගැන නම් පසුතැවෙන්නේ නැහැ කියලයි නදිනි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *