Watapita

Just another WordPress site

මගේ ජීවිතේ මම සතුටු වෙන එකම දේ මගේ විවාහය, මේ අවුරුද්දේ අපි ලංකාව දාලා වෙන රටකට යනවා-නදුනි කරුණාතිලක

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීචර්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ ගායන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපේ කළා ක්ෂේත්‍රය තුලම ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන දිනුෂ දිසානායක සමඟ විවාහ වෙලා ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට දැන් හැමෝම වගේ කතා කරන්නේ ආලෝකා ටීචර් කියලාලු. ඒ වගේම ආලෝකා ටීචර්ට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ චුටි බබාලගෙන් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය උසස් පෙළ කරපු කාලේ ඉඳලා නිරූපිකාවක් විදිහට වැඩ කලත් ගොඩක්ම කළේ මනාලියන් නිරූපණයලු. ඊට පස්සේ මුහුණ පොත හරහා තමයි ඇයට දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට රංගනයෙන් දායකවෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. කොහොම නමුත් රංගනය කියන්නේ ඇය කවදාවත් එන්න හීනෙන්වත් හිතපු ක්ෂේත්‍රයක් නෙවෙයි කියලත් නදුනි කියනවා. මොකද පුංචි කාලේ ඉඳලා මට දක්ෂතාව තිබුණේ ගීත ගායනයට නිසා. ඒ නිසාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඇය උපාධිය අරගෙන තියෙන්නෙත් සංගීතයට.

ඒ වගේම දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙන් තමයි ඇය මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ. ඊට පස්සේ තමයි ලක්සිරි වික්‍රමගේ මහතාගේ ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයට ඇය රංගනයෙන් දායක වෙන්නේ. ඊට පස්සේ තමයි ඇයට ‘ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයේ ආලෝකා ටීචර්ගේ චරිතයට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඇය පාසල් කාලේ අධ්‍යාපනයට වඩා කලාවට තමයිලු ගොඩක් අසාව තිබුණේ. ඒ වගේම ඇය හීන මැව්වෙ ගුවන් සේවිකාවක් වෙන්න වුනත් විශ්වවිද්‍යාලයට ආවම ඒ පැත්ත මගහැරුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයයි දිනූෂයි විදේශ රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඇය කියනවා. සමහර විට ඒක මේ අවුරුද්දෙම වෙන්නත් පුළුවන් කියලයි ඇය කියන්නේ. ඉතින් බාර ගත් වැඩ අවසන් කරලා ඒ සඳහා සුදානම් වෙනවාලු. ඒ වගේම මුලින්ම ඔවුන් දෙන්නා අඳුන ගෙන තියෙන්නේ මුහුණු පොත හරහා. ඉතින් ඊට පස්සේ අවුරුදු 4 ක් ආදරේ කරලා තමයි ඔවුන් 2019 විවාහ වෙලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 2ක්ම ආදරේ කළේ ගෙවල්වලට හොරෙන් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ජීවිතේ සතුටු වෙන එකම දේ තමයිලු ඇයගේ විවාහය. මොකද තාත්තා කෙනෙක් වගේ ඇයව ආරක්ෂා කරන කෙනෙක් ඇයගේ සහකාරුවා ලෙස තෝරා ගැනීම ඇය ජීවිතේ ගත්තු නිවැරදිම තීරණය කියලයි ඇය කියන්නේ. ඉතින් අද ඇයගේ සෙවනැල්ල වගේ ජීවිතේ හැම මොහොතකම ඇයගේ ළඟින් ඉන්නේ ඔහු කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *