Watapita

Just another WordPress site

නිලියක් නොවී උපාධිය අරගෙන ගමේ ගියානම් මම දැන් අනිවාර්යයෙන්ම ගමේ ඉස්කෝලේ ගුරුවරියක් වෙලා-නයෝමි තක්ෂිලා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජානු ටෙලිනාට්‍යයේ නිත්‍යාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඒ වගේම වේදිකාව තුළින් රංගනයට පිවිසි ඇය රන්තිලි වැවේ මුතු මැණිකේ ලෙසත්, නීල පබළු පූජා වගේම අඳුන්ගිරේ පද්මාවතී ලෙසත් වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණියා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් එළැඹෙන 29, 30 දිනවල ඩග්ලස් සිරිවර්ධනගේ සුභ සැන්දෑවක් නාට්‍යය වේදිකාගත කරන නිසා මේ දිනවල එහි පුහුණුවීම්වලත් නිරත වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම සචිත්‍ර රාහුබද්ධගේ හිතට වැටුණු මිසයිල වේදිකා නාට්‍යයත් අකිල සපුමල්ගේ හිනාවෙලා මිනිත්තුවක් වේදිකා නාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා කියලත් ඇය කියනවා.

ඉතින් ඇය ගමන පටන් ගත්තේ වේදිකාවෙන් නිසා දැන් වේදිකාව අතහැර යන්න බැරි තත්ත්වයක් තියෙනවාලු. ඒ නිසාම කොච්චර වැඩ තිබුණත් ඇය මොකක් හරි ස්ටේජ් ප්ලේ එකක් කරනවා කියලයි නයෝමි කියන්නේ. කොහොම නමුත් රඟපාන්නේ නැතිව ඇය උපාධිය කරලා ගමේ ගියා නම් දැන් අනිවාර්යයෙන්ම ටීචර් කෙනෙක් වෙලා ගමේ ඉස්කෝලෙක උගන්වනවා වෙන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට වැඩි හරියක් ගැමි චරිත තමයි ලැබිලා තියෙන්නේ. නමුත් බටහිර පන්නයේ චරිතත් ඇයට ලැබිලා තියෙනවා. ඉතින් ඇය හිතනවාලු ඇයට සතුටුවෙන්න පුළුවන් විදිහේ චරිත ඇයට ලැබිලා තිබෙනවා කියලා.

ඒ වගේම දැන් ඇයට ගෙදරින්නම් කියනවලු විවාහයට කාලය හරි කියලා. නමුත් ඇය ගෙදරට කියන්නේ විවාහය කියන්නේ හදිසිවෙලා ගන්න ඕනෑ තීරණයක් නෙමෙයි කියලාලු. මොකද ඒකට හරිකෙනා, හරි පුද්ගලයා හරි කාල වෙලාවට ආවට පස්සේ ඒ තීරණය ගන්න ඕනෑ කියන කාරණාව ඇය අම්මත් තේරුම් අරගෙන ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *