Watapita

Just another WordPress site

මගේ වයසත් එක්ක මම ආදරේ කරලා ඒ ගැන පසුතැවිලි වෙලත් තියෙනවා, ඉතින් හොඳට හිතලා තමයි කවදාහරි විවාහ වෙන්නේ-නයෝමි තක්ෂිලා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජානු ටෙලිනාට්‍යයේ නිත්‍යාගේ චරිතය හරහා වගේම නීලපබළු ටෙලිනාට්‍යයේ පූජාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඒ වගේම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු අඳුන්ගිර ටෙලි නිර්මාණයේ පත්මාගේ චරිතය නිරූපණය කල ඇය මෙවර රයිගම් සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනාගැනීමටත් වාසනාවන්ත වුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් 2019 සුමති ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියට සම්මානිත වුණත් හොඳම කියන කැටගරි එකට මෙතෙක් ඇයව නිර්දේශ වෙලා තිබුණේ නැහැ කියලයි නයෝමි කියන්නේ. හැබැයි මෙවර රයිගම් සම්මාන උලෙළේදී ඇයට ඒ අවස්ථාව ලැබුනේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ඉන්දික ධර්මතිලකගේ අඳුන්ගිර ටෙලි නාට්‍යයේ පත්මාගේ චරිතයට. ඉතින් ඒක ඇය ලොකු කැපකිරීමක් කරලා කරපු දුෂ්කර චරිතයක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් පුංචි බලාපොරොත්තුවක් තිබුනත් ඇය තාමත් කළා ක්ෂේත්‍රයට ආධුනික නිසා ඇයට ඒ සම්මානය ලැබෙන එකක් නෑ කියලයි. ඉතින් වාසනාවකට ඇයට ඒ අවස්ථාව ලැබුණා කියලත් නයෝමි කියනවා.

ඒ වගේම ඇය කරපු හැම ගැමි චරිතයක්ම ගොඩක් දුෂ්කර වුණු නිසා ඒවට ලොකු කැපකිරීමක් කරන්න වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් කොහොමත් ඇය චරිතයක් භාරගත්තම ඒක කැපවීමෙන් කරන නිසා රන්තිලිවැව චරිතයේ වැවේ ගිලෙන, අලි පන්නන, කැලෑවේ යන අත්දැකීම් ඇයට ලොකු අභියෝග වුණේ නෑ කියලත් ඇය නම් කියනවා. ඒත් එක්කම ඇයත් ඒවගේ ගැමි පරිසරයක ජීවත් වුණු කෙනෙක් නිසා ඇයට ඒවට ලොකු සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය රංගනයෙන් දායක වෙන මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ජානු’ ටෙලිනාට්‍යයේ නිත්‍යාටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු. ඒත් එක්කම ‘සුබ සන්ධ්‍යාවක්’ වේදිකා නාට්‍ය එක්ක මේ දවස්වල වැඩිපුර කාලයක් ගත කරනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ආදරය කියන එක හැමෝටම ඕන දෙයක් කියලත් නයෝමි කියනවා. ඒත් විවාහය කියන්නේ ගොඩක් බැරෑරුම් දෙයක් වගේම ඇය ආදරය කරලා ඒ ගැන පසුතැවිලි වෙලා තියෙනවා කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඇයගේ වයසත් එක්ක ඒ අත්දැකීම් විඳලා තියෙන නිසා විවාහය කියන්නේ දෙපාරක් නොවෙයි සිය දහස්වාරයක් හිතලා ගන්න ඕන තීරණයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *