Watapita

Just another WordPress site

වයස යන නිසා කසාද බඳිනවා කියන මෝඩ තීරණේ මම නැහැ, ඉදිරියේදී මම ගුරු වෘත්තීයට යනවා-නයෝමි තක්ෂිලා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නීල පබළු ටෙලිනාට්‍යයේ පූජාගේ චරිතය හරහා වගේම ජානු ටෙලිනාට්‍යයේ නිත්‍යාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඉතින් වේදිකාවෙන් කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ජානු ටෙලි නාට්‍ය හරහා නිත්‍යා කරළියට ඇවිත් ලොකු කාලයක් නැති වුනත් ඒ චරිතය විකාශය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේමනීල පබළු ටෙලිනාට්‍යය දැන් අවුරුදු 4ක් තිස්සේ විකාශනය වෙන නිසා එයට එක එක විදියේ ප්‍රතිචාර ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් මුල් කාලේ පූජාට කොච්චර මිනිස්සු බැන්නත් පූජාව ජීවමාන කරන ඇයට ඒ ප්‍රේක්ෂකයෝ පුදුම විදිහට ආදරෙයි කියලයි නයෝමි නම් කියන්නේ.

කොහොම නමුත් මොන දේ කරත් ඇයට වේදිකාව අතැරලා නම් ඉන්න බෑ කියලත් ඇය කියනවා. ඉතින් මේ දවස්වල ඇය රංගනයෙන් දායක වෙන සචිත්‍රා රාහුබද්දගේ ‘හිතට වැටුන මිසයිල’ වේදිකා ගත වෙනවා. ඒ වගේම අකිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නාට්‍යය වගේම අලුත්ම වැඩක් වන ඩග්ලස් සිරිවර්ධන සන්ගේ ‘සුබ සන්ධ්‍යාවක්’ වේදිකා නාට්‍යය වේදිකා ගත වෙනවා. කොහොම නමුත් කලාව කියන දේ ස්ථිර නැහැ කියලයි ඇය කියන්නේ. මොකද ප්‍රේක්ෂකයා ඇයව ප්‍රතික්ෂේප කරන දවසක් ආවම ක්ෂේත්‍රය තුල රැඳෙන්න බැරි නිසා. ඉතින් ඒ නිසා ඉදිරියේදී ඇය ගුරු වෘත්තියට යනවා කියලත් නයෝමි කියනවා.

කොහොම නමුත් ඇය වයස යනවා කියලා නම් කසාද බඳිනවා කියන මෝඩ තීරණවල නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් කියලත් ඇය කියනවා. ඒකට කාලය ගත්තට වරදක් නැති නිසා හරිම කෙනා ලැබුණ දාට කසාදයට හොඳම කාලය කියලා හිතලා විවාහ වෙනවා කියලයි නයෝමි නම් කියන්නේ. ඒ වගේම ඇය කොහොමත් දුකින් ඉන්න කැමති කෙනෙක් නෙමෙයිලු. ඉතින් ජීවිතේ වැරදුන තැන් තිබුනත් ඇය ඒවා ගැන දුක් වෙවී ඉන්න කෙනෙක් නෙමෙයි නිසා මේ මොහොතේ ජීවිතේ ගොඩක් සතුටින් ගෙවනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *