මම රඟපාපු හැම චරිතයකටම මට සම්මාන ලැබිලා තියෙනවා, මම ක්ෂේත්‍රයට එද්දී ලංකාවේ රුපවාහිනී තිබුනෙත් නැහැ-නෙතලි නානායක්කාර
කළා නිර්මාණ හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ගුවන්විදුලි මහගෙදරින් වේදිකාවටත්, රිදී තිරයටත්, ටෙලි තිරයටත් සිය කලා දිවිය අස්වැද්දූ අසහාය නිළියන් අතර රටක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නෙතලි නානායක්කාර කියලා කියන්නේ. ඒ වගේම ගුවන්විදුලි වංශකතාවේ විශිෂ්ටතම වූත් සුවහසක් ශ්‍රාවකයන් ආදරයෙන් වැලඳගත්ත මුවන්පැලැස්ස නම් ගුවන්විදුලි නාට්‍යයට සිය හඬ මුසු කරලීමට භාග්‍යවත් වුනු ඇය රයිගම්, සිග්නීස් වැනි සම්මාන පමණක් නොව කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීමට වාසනාවන්ත වුණා.

ඒත් එක්කම ‘ආදරණීය චංචලාගේ’ පටන් ‘ආදරේ අහස තරම්’ වැනි ටෙලි නාට්‍යයත්, ‘අසෙනි වැසි’ වස්සවා ‘දියණියෝ’, ‘හාර කෝටිය’, ‘ඉංගම්මාරුව’ මෙන්ම ‘කූඹියෝ’, ‘ගිරිදේවී’ පමණක් නොව ‘සකල ගුරුවලින්’ ‘සකර්ම’ යටද සිය රංගනාභාසය ජය කෙහෙළි නැංවීමට ඇයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි ‘ලේ කිරි කදුළ’ චිත්‍රපටයෙන් පටන් ගෙන ‘සංකාර’, ‘ගාමණි’, ‘නිකිණි වැස්ස’, ‘බන්ධනය’, ‘මෝටර් බයිසිකල්’, ‘හීන හොයන සමනල්ලුන්’, ‘ද නිවුස් පේපර්’, ‘ගාඩි’ වැනි සම්මානිත චිත්‍රපට දක්වාම රංගන කෞශල්‍ය පෙන්වීමට ඇය වාසනාවන්ත වුණා.
ඉතින් ලාංකේය කලා ක්ෂේත්‍රයෙහි නොමැකෙන නමක් රැන්දූ අසහාය රංගකලා වේදිනියක් වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ඇයගේ රට ඉන්න දුවලා දෙන්නා ලංකාවට ඇවිත් ඉන්න නිසා ඒ අය එක්ක කාලය ගත කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එයාලා ආවෙම රයිගම් සම්මාන රාත්‍රිය සඳහා සහභාගි වීමට කියලත් ඇය කියනවා. ඉතින් එයාලා සමඟ ඇය ගමන් බිමන් ගිහින්, කෑම ජාති හදලා විවිධ තැන්වලට ඇවිදින්න ගියා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය රඟපාපු හැම චරිතෙකටම වගේ ඇයට සම්මාන ලැබිලා තිබෙනවාලු. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි වගේම ඒක ඇයට විශාල ගෞරවයක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය මුලින්ම කලා ජීවිතය පටන් ගන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඉතින් 1955 වසරේදී තමයි ඇය ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම මුල් කාලේ රූපවාහිනිය තිබුණේ නැති නිසා ඉතින් ගුවන්විදුලි නිර්මාණ තමයිලු ගොඩක් තිබුණේ. ඉතින් ඊට පස්සේ රූපවාහිනිය පැමිණියායින් පසුව ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපටවලට, වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මුලින්ම ගුවන් විදුලියේ හඬකැවීම්වලට සම්බන්ධ වුන ඇය ඉන්පසුව 1963දී ඇයගේ සැමියා වොලි නානායක්කාර සමඟ විවාහ වෙලා ඇයට දරුවන් 5ක් ඉන්නවා. ඒ දුවලා 4ක් සහ පුතෙක්. ඉතින් ඉස්සර ඉදන්ම කලාවට ගොඩක් ආදරය කරන නිසා අවසාන මොහොත දක්වාම ඇයට ලැබෙන චරිතවලට සාධරණයක් ඉටු කරලා කලා නිර්මාණයට සාධාරණයක් කරන්න නිතරම උත්සාහ ගන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.