Watapita

Just another WordPress site

මට රංගනයට ආරාධනා කරලා මාව නිලියක් කරපු මගේ අධ්‍යක්ෂකවරයා තමයි අන්තිමට මගේ සැමියා වුනේ- නෙත්මි අශින්ෂා

තාදි ටෙලිනාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට එකතු වුනු අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නෙත්මි අශින්ෂා කියලා කියන්නේ. ඒ වගේම ඇය වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් ලෙසත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට තාදි ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණේ අහම්බෙන් කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයට පුංචි කාලේ ඉඳලා ලොකු ආශාවක් තිබුණාලු රඟපෑමට. ඒ වගේම තාදි රඟපෑමත් සමඟ ඇයට ටී.වී. කොමර්ෂල් ගොඩක් ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් විවිධ අංශයෙන් ඒ අතර බිස්කට් ප්‍රචාරක දැන්වීම්, අයිස්ක්‍රීම් ප්‍රචාරක දැන්වීම්, සෙලියුලර් ෆෝන් කාඩ් දැන්වීම්, පරිගණක ප්‍රචාරක දැන්වීම් ආදී කොමර්ෂල් දැන්වීම් බොහොමයක ඇයට රඟපාන්න ලැබුණා කියලයි නෙත්මි කියන්නේ.

ඒ වගේම නුවන් රංජන් අධ්‍යක්ෂණය කළ කලම්බු සැටලයිට් චිත්‍රපටයෙන් තමයි ඇය චිත්‍රපට රංගනයට එක්වන්නේ. ඒත් එක්කම පාට පාට ලෝකයක් ගෙනාව සුරඟනා, මේ ජීවිතේ සුන්දරයි ගීත දෙක ගායනාකරමින් තමයි ඇය ගායිකාවක් බවට පත්වන්නේ. ඉතින් තව මාස කීපයක් ඇතුළත මේ මියුසික් වීඩියෝ දෙක එළිදකියි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය රංගනය පැත්තෙන් වගේම පොටෝ ෂුට් පැත්තෙන් ඉදිරියට යන්න තමයි කැමති කියලත් ඇය කියනවා.

ඉතින් ඇයගේ ආදරණීය සැමියා තමයි නුවන් රංජන්. ඔහුත් කලාවට සම්බන්ධ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මුලින්ම නුවන්ව ඇයට හමුවන්නේ වන් ගෝල්ෆේස් හෝටලයේදී කියලයි ඇය කියන්නේ. ඉතින් එහිදී ඔහු ඇයට පවසලා තියෙන්නේ ඔහුගේ චිත්‍රපට නිර්මාණයක් සඳහා ගැහැනු ළමයෙක් හොයනවා, ඒ හොයන හැඩය පෙනුම ඔයා ළඟ තියන නිසා කැමැති නම් රඟපාන්න ඔහුව හමුවන්න එන්න කියලාලු.

ඉතින් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු කලම්බු සැටලයිට් චිත්‍රපටයේ රඟපාන කාලයේ ඔවුන් අතර ඇතිවන මිත්‍රත්වය පසුව ආදරයකට පෙරලුනා කියලත් ඇය කියනවා. ඉතින් අවසානයේ ඔහු ඇයගේ ආදරණීය සැමියා බවට පත්වුනු නිසා අද ඇයගේ ළඟම විවේචකයා ඔහු කියලයි නෙත්මි කියන්නේ. ඒ වගේම ඇයගේ තනිනොතනියට ඇය ළඟම සිටිමින් ඇයව කලාව තුළ ගමනක් යන්න දිරිදෙන්නේ නුවන් නිසා ඒක ඇයට ලොකු ශක්තියක් කියලයි නෙත්මි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *