Watapita

Just another WordPress site

දෙවෙනි ඉනිමේ අවසානය හැමෝටම සතුටුදායක වෙයි, මම කැමති කෙනා මන් ලඟට එනකම් මම බලාගෙන ඉන්නවා-නෙත්මි රොෂෙල්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඒ වගේම ඇය නර්තනයට මෙන්ම නිවේදනයටත් ඉතාම දක්ෂයි. ඉතින් දෙවෙනි ඉනිම, රාවණා, සක්කාරම් වැනි ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් පහුගිය දවසක දෙවෙනි ඉනිම රූගත කිරීම නිමා කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අවුරුදු ගණනාවක් තිස්සේ දෙවෙනි ඉනිම එක්ක රැඳී සිටි ආදරණීය ප්‍රෙක්ෂකයන්ට සතුටුදායක නිමාවක් දකින්න ලැබේවි කියලත් ඇය කියනවා. කොහොම නමුත් 2019 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වීම තමයි ඇයගේ මේ හැම දේකම මූලාරම්භය. ඉතින් ඇයගේ කලාවට පිවිසීමේ දොරටුව තිබුණෙ එතැන කියලයි නෙත්මි නම් කියන්නේ. ඒත් එක්කම පෙනුම වගේම ඇයගේ නර්තන හැකියාව දැකපු අංජලී බුදවත්ත තමයි රංගනය සඳහා ඇයව යෝජනා කරලා තියෙන්නේ.

ඉතින් ඊට පස්සේ අරුණ ජයවර්ධනගේ සක්කාරම් ටෙලි නාට්‍යයේ ජයවතී කියන ප්‍රධාන චරිතයට ඇයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම සිවගුරුනාදන්ගේ හිරු ඇවිදින් ටෙලි නිර්මාණයෙන් පස්සේ තමයි ඇය දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ. ඉතින් රාවණාහි සුපර්ණිකාත් ඇයට සුන්දර අත්දැකීමක් එක් කළ නිර්මාණයක් කියලයි නෙත්මි නම් කියන්නේ.

ඒ වගේම මේ දවස්වල හැමෝම ඇයගෙන් අහන ප්‍රශ්නයක් තමයිලු දැන් කාලේ හරි, බඳින්නෙ නැද්ද කියලා. ඉතින් දැන් ගොඩක් අය පෝළිමට විවාහ වුනත් ඇය නම් හදිස්සි වෙන්නෙ නෑ කියලත් නෙත්මි කියනවා. ඒ වගේම සියයට සියයක්මක්ම ගැළපෙන කෙනෙක් ඇයට ලැබුනේ නැති වුනත් හරි වෙලාවට හරිම කෙනා තෝරගන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් අපි මේ හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්න නිසා අන්න ඒ සතුට කියන කෑල්ලට හරිම කැමැතියි කියලත් ඇය කියනවා. ඒ නිසාම රංගනයේදී වුණත් තෝරා බේරගෙන නිර්මාණවලට සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙන් ඒ ආදරේ ලැබෙන කල් බලාගෙන ඉන්න එක ඇයට ලොකු සතුටක් කියලයි නෙත්මි නම් කියන්නේ.

කොහොම නමුත් තාමත් ඇය ආදරවන්තියක් නම් නෙවෙයි. ඉතින් ආදරය කියන්නේ තාමත් ඇයට හරි සංකීර්ණ දෙයක් නිසා කොයි වෙලාවක හරි ඇය කැමති කෙනා එනකල් ඇය බලන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *