Watapita

Just another WordPress site

විවාහ යෝජනා වලින්නම් මට අඩුවක් නැහැ, නමුත් හිත ගිය කෙනෙක් නැති නිසා තවම තනිකඩයි-නෙත්මි සංජානා

මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන නොනිමි ටෙලි නාට්‍යයේ සෙනාලි සමරසිංහගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් තමයි නෙත්මි සංජානා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට රඟපාන්න පුංචි කාලේ ඉඳලම හිතේ පුංචි ආසාවක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඒත් මේ වගේ ප්‍රධාන චරිතයකින් ඒ අවස්ථාව උදාවේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් නොනිමි කියන්නේ ඇය ජීවිතයේ මුල්ම රංගන දායකත්වය ලබාදෙන ටෙලි නිර්මාණය. ඒ වගේම ඇය රඟපාන්න ආස බව ශවිනි කියලා ඇයගේ හොඳ යෙහෙළියක් දැනගෙන හිටිය නිසා ශවිනි දවසක් ඇයට කතා කරලා කිවිවාලු සුරාජ් මාපා ටෙලි නාට්‍යයකට අලුත් ගෑනු ළමයෙක් හොයනව කතා කරලා බලන්න කියලා.

කොහොම නමුත් ගෙදරින් කැමැත්ත ගන්න හිතන තරම් ලේසි වුණේ නැහැ කියලත් ඇය කියනවා. නමුත් රඟපාන්න ආසාව ඇයට තදින්ම තිබුණු නිසා අම්මාට කන්කෙඳිරි ගාලා බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තා කියලයි ඇය කියන්නේ. ඉතින් අම්මාගේ කටින් හා කියන වචනය පිටවුණු ගමන්ම ඇය සුරාජ් මාපාට කතා කළා කියලත් නෙත්මි කියනවා. ඒ වගේම ඒ චරිතයට ඇයව තෝරගත්ත කියල සුරාජ් මාපා කියපු වෙලාවෙ දැනුණු සතුට ඇයට වචනයෙන් කියන්න බෑ කියලත් ඇය කියනවා.

ඒ වගේම මේ වනවිට ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා. කොහොම නමුත් ඇයට දැන් විවාහ යෝජනා නම් අඩුවක් නැතිව එනවාලු. ඒත් හිත ගිය කෙනෙක් නම් නැති නිසා තාම පෙම්වතියක් නෙමෙයි කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ‘නොනිමි’ ටෙලි නාට්‍යයෙන් ඇය ඇයවම TV එකේ දැකපු පළමු දවස වෙනම හීනයක්, වෙනමම හැඟීමක් කියලයි ඇය කියන්නේ.

ඒත් එක්කම ඇයගේ පුංචි කාලේ ඉඳලම හීනය වුණේ ගුරුවරියක් වෙන එකලු ඉතින්. ඒ හීනය ඇතුළේ ඇය තාමත් ජීවත් වෙන නිසා ඒ හීනයට යන අතරමගදී තමයිලු ඇයට රංගනය මුණ ගැහෙන්නේ. ඒ නිසාම කලා වැඩවලට දායක වුණත් තවමත් ඇයගේ හීනයට යන්න බලාපොරොන්තු වෙනවා කියලයි නෙත්මි කියන්නේ. ඒ වගේම මුලදී අකමැති වුනත් දැන් ඇයව ටීවී එකෙන් දකිද්දී වැඩිපුරම සතුටු වෙන්නේ ඇයගේ තාත්තා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *