මගේ ජීවිතේ සතුටුම දවස මම මාවම ටීවී එකෙන් දැකපු දවස, ප්‍රේමයෝජනා ගලාගෙන ආවත් තාම හිතගිය කෙනෙක් නැහැ-නෙත්මි සංජානා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නොනිමි ටෙලිනාට්‍යයේ සෙනාලි සමරසිංහ කියන චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි නෙත්මි සංජානා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඒ වගේම ඇය තාමත් කැලණිය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ පළමු වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවියක්.

ඉතින් ඇයට මේ චරිතය හිතුවෙවත් නැති මොහොතක අහම්බෙන් ලැබුණු අවස්ථාවක් කියලයි නෙත්මි නම් කියන්නේ. ඒ වගේම නොනිමි කියන්නේ ඇයගේ මුල්ම රංගන දායකත්වය. ඉතින් පුංචි කාලේ ඉඳලාම ඇයට රඟපාන්න පුංචි ආසාවක් හිතේ තිබුණත් ඇය ඒකට උනන්දු වුණේ නැහැ කියලත් ඇය කියනවා. මොකද ඒ පැත්තට යනවට ඇයගේ අම්මයි තාත්තයි දෙන්නම කැමති වුණේ නැහැලු. හැබැයි ආසාව හිතේ තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඔය අතරෙදි ඇයගේ ආසාව දැනගෙන හිටපු ශජනි කියලා යාළුවෙක් එක දවසක් ඇයට කතා කරලා කිව්වාලු සුරාජ් මාපා අලුත් ටෙලිනාට්‍යයකට අලුත් ගෑනූ ළමයෙක් හොයනවා කතා කරලා බලන්නකෝ කියලා.

කොහොම නමුත් ඇය කතා කරන්න කලින් මුලින්ම ඇයගේ අම්මාගෙනුයි, තාත්තගෙනුයි ඇහුවට පස්සේ අහපු ගමන්ම ඒවා ඕන නෑ, කැමති නෑ කිව්වාලු. ඉතින් ඇයට රඟපාන්න ආසාව හිතේ තදින්ම තිබුණ නිසා අම්මාට කන්කෙදිරි ගාලා බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තා කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ ඒ වෙලාවෙම සුරාජ් මාපාට ඇය කතා කරහම ඊට පහුවෙනිදම කොළඹ තිර පරීක්ෂණයට එන්න කිව්වාලු. ඉතින් තිර පක්ෂණය ඉවර වෙලා සුරාජ් එදාම ඇයට කිව්වා අපි ඔයාව චරිතයට තෝරගත්තා කියලා. ඒ වගේම එදා ඇයට දැනුන සතුට කියන්න තේරෙන්නේ නෑ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය තාම නම් පෙම්වතියක් නෙමෙයි කියලයි නෙත්මි කියන්නේ. ඒ වගේම විවාහ යෝජනා නම් අඩුවක් නැතුව ආවත් හිතගිය කෙනෙක් තාම නෑ කියලත් ඇය කියනවා. ඉතින් ඇය ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවස නොනිමි ටෙලි නාට්‍යයෙන් ඇය ඇයවම TV එකේ දැකපු පළමු දවස කියලයි නෙත්මි නම් කියන්නේ. ඒ වගේම චූටි කාලෙ ඉඳලා ඇයගේ එකම හීනය තමයිලු ගුරුවරියක් වෙන එක. ඉතින් ඒ හීනය ඇතුලේ ඇය තාමත් ජීවත් වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් දැන් TV එකේ ඇයව දකිද්දි දැන් වැඩිපුරම සතුටු වෙන්නේ ඇයගේ තාත්තා කියලයි නෙත්මි අවසාන වශයෙන් පවසලා තිබුනේ.