Watapita

Just another WordPress site

මගේ හැමදේටම ලඟින්ම හිටපු මගේ දුව මාව දාලා වෙන රටකට යනවා, ඒ පාළුව දරාගන්න මට ගොඩක් අමාරු වෙයි-නිල්මිණි තෙන්නකෝන්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල නිර්මාණ කිහිපයකම රෑගත කිරීම් වලට සහභාගි වෙනවා වගේම ඇයගේ ආදරණීය දියණිය ස්වේතා එක්ක බොහොම සතුටින් කාලය ගත කරනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි චිත්‍රපටය වන තාත්තා සිනමාපටයේ ප්‍රධාන භූමිකාවකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඇය මීට පෙර ‘අම්මා’ නමින් ලියැවුණු නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුනත් ‘තාත්තා’ තේමා කරගත් නිර්මාණයකට දායකත්වය ලබා දුන් පළමු අවස්ථාව මෙය කියලත් නිල්මිණි කියනවා. ඒ වගේම සිනමාපටයක් ලෙස ගත්තොත් ‘තාත්තා’ කියන්නෙ සාර්ථක චිත්‍රපටයක් කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මේ ඔස්සේ දරුවන්ට දෙමව්පියන්වත් දෙමව්පියන්ව දරුවන්වත් තේරුම් ගන්න පුළුවන් නිසා හැම දෙනාටම නැරඹිය හැකි චිත්‍රපටයක් තමයිලු තාත්තා කියන්නෙ.

ඒ වගේම ඉදිරියේදී ඇයගේ ආදරණීය දියණිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ස්වේතා නැතිව ඇයට ලොකු පාළුවක් දැනේවි කියලයි නිල්මිණි කියන්නේ. මොකද ඇයගේ හැම දේටම ළඟින් හිටියේ, අදටත් ළඟින් ඉන්නෙ ඇය නිසා. කොහොම නමුත් ඇයගේ සතුට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ඇයට එය දරාගන්න සිදුවෙනවා කියලත් ඇය කියනවා.

හැබැයි දුව කියන්නෙත් ඇයට දුවත් එක්ක යමු කියලලු. නමුත් ඇයට හැමදාම රට ගිහින් ඉන්න වගේම කැමරාව නැතිව ඉන්න අමාරුයි කියලයි ඇය කියන්නේ. ඉතින් කුඩු ගහන මනුස්සයෙක්ට කුඩු නැතිව ඉන්න බැහැ වගේ ඇයටත් දැන් කැමරාව නැතිව ඉන්න බැහැලු. ඒ වගේම ඇය ඇයගේ නම හදාගත්තෙ මේ රටේ ඉඳලා නිසා ඇයට ලංකාව දාලා යන්න කිසිම අදහසක් නැහැ කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ රටේ ඉන්න පිරිසකගේ නරක ප්‍රතිපත්ති නිසා අද මිනිසුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන නිසා ඇත්තටම මේ රටේ ජීවත් වන මිනිස්සු පව් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *