අදටත් පවුල තමයි මට අංක එක, මගේ දුවටයි පුතාටයිත් හොඳට රඟපාන්න පුළුවන්-නිමන්ති පෝරගේ
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිමන්ති පෝරගේ කියලා කියන්නේ. ඒ වගේම සබඳ පබිලිස් වගේම නින්ජා වෙළඳ දැන්වීම ඔස්සේ අතිශය ජනප්‍රිය වුණු ඇය එදා තිබූ ජනප්‍රියත්වය අදටත් එලෙසම පවත්වා ගැනීමට වාසනාවන්ත වුණා. ඒත් එක්කම පසුගියදා විකාශය අවසන් වුණු මෙට්‍රෝ හීන සහ මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා.

ඉතින් දැන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සැමියයි දරුවන් දෙදෙනායි එක්ක සුන්දර ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සකච්චවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ සැමියවන ප්‍රභාත් රෝෂන් කියලා කියන්නෙත් අපේ කළා ක්ෂේත්රය තුලම ඉන්න දක්ෂ ජනප්‍රිය අධ්‍යක්ෂක වරයෙක්. කොහොම නමුත් ඇයගේ පුතා මෞලි මතීෂ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නිසා ඇයත් ඉතාම කාර්යබහුල වෙලා තියෙනවා කියලයි නිමන්ති නම් කියන්නේ. මොකද සමහර දවස්වලට පුතාගේ ක්ලාස් ඉවර වෙද්දි රෑ එකොළහත් පහුවෙනවාලු. ඒ නිසා මේ දවස්වල වැඩිපුර කාලයක් පුතා වෙනුවෙන් යොදවනවා කියලත් ඇය කියනවා. ඒ වගේම දුව සංසාත් තවම පොඩි නිසා එයා ගැනත් හොයලා බලනවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇයගේ විවාහයට ප්‍රභාත්ගේ දෙමාපියන් මුලින්ම අකමැති වෙලා තියෙනවා ඇය නිළියක් කියලා. ඒ වගේම ඇයගේ අම්මයි තාත්තයි අකමැති වෙලා තියෙන්නේ කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙලා ටික කාලෙකින් ඩිවොස් වෙයි කියන බයට. මොකද බොහෝ ප්‍රසිද්ධ අයගේ විවාහ ජීවිතේ තියෙන ප්‍රශ්න එයාලට අහන්න දකින්න ලැබුණු නිසා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මේ දෙන්නා මේ දෙන්නගෙ බැඳීම් අතහැර ගත්තේ නැහැ. ඉතින් අන්තිමට ෆයිට් කරලා බොහෝම අමාරුවෙන් කැමැත්ත අරගෙන මේ දෙන්නා විවාහ වෙලා තියෙනවා.
ඒ වගේම ඇයගේ අම්මලාට වගේම ඇයටත් බයක් තිබුණාලු හදිස්සියේ හරි විවාහ වෙලා ඩිවෝස් වෙන්න වුණොත් ලැඡ්ජාවට පත් වෙනවා නේද කියලා. නමුත් ඇය හිතාගෙන තියෙනවා මොනම හේතුවක් නිසාවත් විවාහ ජීවිතය අවුල් කරගන්නේ නැහැ කියලා. ඉතින් ඒක තදින්ම ඔළුවේ තිබ්බ නිසා මොන මත ගැටුම් ආවත් පවුල ආරක්ෂා කරන්න මුල් තැන ගත්තා කියලත් නිමන්ති කියනවා. ඒ වගේම කාලයක් යද්දී දෙන්නා දෙන්නවම තේරුම් අරන් දැන් සතුටින් ජීවත් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් ඇයට පවුල තමයිලු අංක එක.

ඒ වගේම ඇයගේ දරුවන් දෙදෙනාටත් හොඳට රඟපාන්න පුළුවන්. කොහොම නමුත් ඇයගේ පුතා රඟපෑමෙන් ටිකක් ඈත් වුණේ මාස තුන හතරකට කලින් සාමාන්‍ය පෙළ නිසා කියලත් ඇය කියනවා. ඉතින් සාමාන්‍ය පෙළ අවසන් වුණාට පස්සේ ආයෙමත් පුතා රඟපෑමට එකතු වෙන්නලු හිතාගෙන ඉන්නේ. ඒ වගේම දුව හිටියේ එකම එක නිර්මාණයකට විතරක් වුනත් ඒ චරිතය හරිම දුෂ්කරයි කියලා දුවට ආයේ රඟපාන්න බැහැ කියලයි නිමන්ති කියන්නේ. ඒ නිසාම ඔය විදිහට කටු කන්න බැහැ කියලා රඟපෑමට දුවගේ කැමත්තක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.