Watapita

Just another WordPress site

මම දඟකාර කටකාර වුනාට ඇත්තටම නපුරු නැහැ, නමුත් මට ගොඩක් ලැබෙන්නේ අයහපත් ප්‍රතිචාර-නිපුනි සමරක්කොඩි

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන රාජිණි ටෙලිනාට්‍යයේ නෙත්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිපුනි සමරක්කොඩි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය රංගනයෙන් දායක වෙන නෙත්මිගේ චරිතය වෙනුන් අද වෙද්දී යහපත් ප්‍රතිචාර වගේම ගොඩක් අයහපත් ප්‍රතිචාරත් ලැබෙනවා කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම ඇයට අයහපත් ප්‍රතිචාර ගොඩක් ලැබෙන්නෙ මේ චරිත රංගනය තුළ වැඩිපුරම තියෙන්නෙ දුෂ්ටකම් නිසා කියලත් ඇය කියනවා. ඒ නිසා ගොඩක් දෙනෙක් ඒ චරිතෙට බනිනවාලු. ඉතින් ඇත්තටම මේ චරිත රංගනය මුල දී ඇයටත් ටිකක් අභියෝගයක් වුණා කියලයි නිපුනි නම් කියන්නේ. මොකද සැබෑ ජීවිතේ ඇය එහෙම නපුරු කෙනෙක් නෙමෙයි නිසා. ඉතින් සැබෑ ජීවිතේ ඇය මේ චරිතය වගේ දඟකාර, කටකාර වුනාට නපුරුනම් නම් නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය පාසල් යන කාලේ ඉඳලම තමයි කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම රංගනයට අවතීර්ණ වෙද්දී ඇයට අවුරුදු 15යි කියලත් නිපුනි කියනවා. ඒ වගේම ඇයගේ මුල්ම රංගනය තමයි සමීර හසුන් අධ්‍යක්ෂවරයාගේ මීදුම අම්මා හි රංගන දායකත්වය. ඉතින් කලාව කියන දේට ඇය පුංචි කාලේ ඉඳන්ම හරිම ආසයිලු. ඒ නිසාම ඇය පාසලෙත් ඒ කාලේ පටන්ම රංගනය හදාරලා තියෙනවා. ඒ වගේම පාසලේ වේදිකාව තුළ රංගනයෙන් දායක වුණා කියලත් ඇය කියනවා. ඉතින් පාසල් වේදිකාව නිසා තමයි ඇය රංගනය තුළ අද මේ වගේ දුර ගමනක් ඇවිල්ලා ඉන්නෙත්.

ඒත් එක්කම කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබිලත් මේ වෙද්දී අවුරුදු 10ක් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ අවුරුදු 10 පුරාවට හිමින් පුංචි චරිත රංගනයන්වල යෙදෙමින් පියවරෙන් පියවර ඉදිරියට එන්න ලැබුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් කලාව වෘත්තිය කරගෙන අද ජීවත් වෙන්න හරි අමාරු තත්ත්වයක්ලු තියෙන්නෙ. ඒ වගේම ඇයගේ තාත්තට ඕන වුණේ ඇය රජයේ රැකියාවක් කරනවා දකින්න නිසා තාත්තගේ ඒ කැමැත්තට අනුව ඇය රැකියාවක නිරත වෙනවා කියලයි නිපුනි කියන්නේ. ඒ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක වශයෙන් ශල්‍යාගාරයේ. ඉතින් ඒ රැකියාවත් කරගෙන කලාව කරගෙන යන්නෙ විනෝදාංශයක් විදියට කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *